
(මහින්ද නිශ්ශංක)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය.
මධ්‍යස්ථාන 48කදී පැවති මෙම ජන්ද විමසීම සවස 4.00ට අවසන් වූ බවත් පෙන්වා දෙන ඒ මහතා එම මධ්‍යස්ථාන වලදීම ජන්ද ගණන් කිරීම සිදුකරන බවද ප්‍රකාශ කළේය.
සාමකාමිව ජන්දදායකයින් ජන්දය ප්‍රකාශ කළ බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ධර්මසිරි මහතා සදහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති මෙම ජන්ද විමසීමේ ප්‍රථිපල රාත්‍රි 10,10.30 පමණ වන විට ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාවට ජයවේවා !!! දුෂිත හොරුන්, සුනාමි හොරුන් , කොටි රත්තරන් හොරුන්, බටලන්දේ මිනීමරුවන්, බැංකු හොරුන් ..මේ දිනවල භුමිතෙල් ගෑවුන ගැරඩින් මෙන් දඟලමින්, උන්ගේ දුෂිත හෙන්චෝ ලවා රජයට නොයෙකුත් අසාධාරණ බලපෑම් කරමින් සිටින අවධියක් මේ.මේ ඡන්දයේ ප්‍රතිඵලය උන්ට භුමරන්ගයක් වේවා !!! AKD ට ජයවේවා !!!