
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකගේ බිරිඳට අයත් මිරිහාන ඇඹුල්දෙනිය සාලාව පාරේ සුඛෝ භෝගී තෙමහල් නිවසක ගරාජයක සඟවා තිබූ රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් සිය භාරයට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
ලියාපදිංචි අංක තහඩු රහිත මෝටර් රථයක් සාලාව පාරේ නිවසක ගරාජයක් තුළ තිබෙන බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් අනුව මිරිහාන මූලස්ථාන පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එම නිවස වෙත ගොස් සිදුකළ විමර්ශනවලදී නිවසේ ඉදිරිපස ගේට්ටු වසා දමා තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව අසල්වාසීන්ගෙන් සිදු කළ විමසීමේදී එම නිවස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ බිරිඳකට අයත් එකක් බවට අනාවරණය වීමෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඒ හරහා ඇය සම්බන්ධ වූ බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ ඇඟිලි සටහන් වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වා ඇත.
අදාළ මෝටර් රථයේ එන්ජින් අංකය සහ චැසි අංකය සම්බන්ධයෙන් සොයා බලා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට මෝටර් රථයේ දොරවල් විවෘත කිරීමටත් රජයේ රස පරීක්ෂකවරයා කැඳවීමටත් කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සු තුන්වේල කන්න පුදුම ගේමක් දෙන්නේ. ජීවන බර අහස උසට... ජනාධිපති වුණු ගමන්ම දෙන්නම් කිව්ව ජනතා සහන මතකත් නෑ අද. ඒවා එකක්වත් නොකර ගැලරිය චූන්කරලා මහමැතිවරණයේදී ඡන්ද ටික ගන්න ගහන බෙර පද මේවා. කුඩුකාරයෝ රටපුරා. ඔවුන් අල්ලා ගන්න බෑ. කාට කියන්නද මේවා...?
ඔබ කියන්නේ සහන දෙන්න සල්ලි නැහැ, ඔක්කොම සොරකම් කරලා ණය ගන්නති බැරිනම්, ණය ගෙවන්නත් බැරි නම් සොරකම් කරන උන් හොයා ගන්න බැරිනම් දැන් නිලධාරීන් කරන තවත් හොරු පත් කරලා ඉදිරි පරම් පරාව සිඟන භාවයට පත් කරපල්ලා. වැඩ නොකරන කාලකන්නි ජීවත්වන රටක හොරු පිරිසකට රටක් කිසිදා ගොඩදාගන්න බැහැ.
අහුවෙලා තියෙන්නේ සැප විදපු උන්ගේ දේවල්. රිදිලා තියෙන්නේ කටුකන මැක්කන්ට.
හිරගෙවල්වලට රෑට රෑට ගිහින් එල්ලූම් ගහ බලන්න යන එක, සිරකරුවන් ඉන්න තැනින් එලියට අරගෙන විහිලුකිරීම විනෝදාංශය කරගත් ඒ අතිගරු ප්‍රභූවරයාගේ නම සඳහන් කිරීම අකැපද?
පඩ ෂෝ ජනතාව පිලිගන්නේ නැත ඇල්පිටියේ ජනතාව එය දන්වා ඇත මාලිමාව ට 50% නැත මාලිමාව 15 විපක්ෂය 15 නාමල් බේබි පමණ ක් ඡන්ද ටිකක් වැඩිකරගෙන ඇත ගෝටා ගත් ප්‍රතිඵලය ඉදිරියට කාටවත් නැත හොරු ඇල්ලිය යුතුය.
මට මේක පැහැදිලි නැහැ මහත්තයෝ! බිරියගේ ද නැත්නං “බිරියකගේ” ද?
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිඳවන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි. හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී ඇත්තේ, අදාළ රථය නිවසේ ගරාජයට ගෙනැවිත් දැමුවේ මීට දින කිහිපයකට පෙර වෙඩි වැදී මියගිය සිය පෞද්ගලික ලේකම්වරයා බවය.