
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව නගර මධ්‍යයේදී මීට ස්වල්ප මොහොතකට පෙර වෑන් රථයක් ගිනිගෙන ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
ගින්නෙන් වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බව පොලිසිය කියයි .
බොරැල්ල දෙස සිට කොට්ටාව දෙසට 174 බස් මාර්ගය ඔස්සේ ධාවනය වූ මෙම වෑන් රථයේ එක්වරම ගින්නක් හටගෙන ඇති අතර රියැදුරු වාහනය මාර්ගය අසල නවතා බැස ගොස් ඇති අතර ගින්න වන අවස්ථාවේ වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු නිරුපද්‍රිතව දිවි බේරාගෙන තිබේ.
පසුව කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න නිවා දමා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව තුළ භාවිතා වන්නේ ගොඩක් පරණ වාහන . නව වාහන ආනයනය නොකරන බැවින් අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ තුළ සිටින කාර්මික ශිල්පීන් විසින් කෙසේ හෝ මේ වාහනය ධාවනයට කරවීම සඳහා සුදුසු පරිදි සකස් කර දුන්නත් එය හදිසි අවස්ථාවකදී පාලනය කර ගැනීම හෝ දුර ගමන් කිරීම සඳහා කිසිසේත් සුදුසු නොවේය. එනිසා බොහෝවිට රථවාහන අනතුරු බොහොමයක් සිදුවේය. පරණ වාහන සඳහා ආයු කාල සීමාවක් නැති නිසා බොහෝවිට මේ අනතුරු වළක්වා ගත නොහැකියි.
නිසි ක්‍රමවේදයකට අලුත්වැඩියා නොකිරිම ප‍්‍රධාන හේතුවක් විය හැකිය...