
( පද්මසිරි ගාර්දියවසම් )
බලපත්‍ර නොමැතිව එළ ගවයින් පටවා ගෙන පොලිස් අණ නොතකා පලායාමට තැත්කල ලොරි රථයකට අද (27) අලුයම වෙඩි තබා එහි සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය.
වෙඩි වැදී නතරවූ ලොරි රථයේ සිටි තවත් සැකකරුවෙකු පලාගිය බවද පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගත් කුඩා ලොරි රථයේ එළගවයින් 16 දෙනෙකු පටවා සිටි බවත් ඉන් තෙරපුම නිසා දෙදෙනෙකු මියගොස් තිබූ බවත් පොලිසිය පැවසීය .
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට ගවයින් පටවා ගත් ලොරි රථය සූරියවැව මීගහජදුර මාර්ගයේ ගමන් කරමින් සිටියදී සූරියවැව අසපුව අසල බෝපැලේ හන්දියේ මාර්ග බාධකයක් යොදා සිටි සූරියවැව පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් ලොරි රථයට නැවැත්වීමට අණ කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නවත්වන්න තියන එකම ක්‍රමය තමයි මේ ලොරි රාජ සන්තක කරලා සම්බන්ධ එවුන් අවුරුදු 10 කට හිරේ දාලා සත්තු ගොවියන් අතරේ බෙදලා දීම