
(රෝෂන් තුෂාර)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (28) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීර වංශ මහතා හැර සෙසු විත්තිකරුවන් වන ජයන්ත සමරවීර,වීර කුමාර දිසානායක, පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසාමිල් අධිකරණයේ පෙනී සිටියේය.
විමල් වීරවංශ මහතා රෝගී තත්ත්වයෙන් පෙළෙන හෙයින් අධිකරණයේ පෙනී සිටිය නොහැකි බවට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා නඩු විභාගය සඳහා වෙනත් දිනයක් නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.
2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබිණි.
මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය නොවැම්බර් 25වැනි දිනට නියම කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
වැඩිදුර විභාගය නොවැම්බර් 25 දිනට නියම කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමල්ට එරෙහි නඩුවකට දින දෙයි