
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.
කොළඹ ඇමෙරිකන් මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ඇය මෙසේ අදහස් දැක්වූවාය. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පැනැවූ බවට පළ වන වාර්තා අසත්‍ය බව ද ඇය අවධාරණය කළාය.
"ආරක්ෂක තර්ජනයක් සම්බන්ධයෙන් ඇමෙරිකන් තානාපති අංශ දැනගතහොත් එම තොරතුර ගැන අප අපේ කාර්ය මණ්ඩලය, ඇමෙරිකන් පුරවැසියන් සහ අදාළ රජය දැනුවත් කිරීම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් නෑ. එය ලොව පුරා අප භාවිත කරන ක්‍රමවේදයයි. ආරුගම්බේ ප්‍රදේශයට ඇති තර්ජනය සම්බන්ධයෙන් දැනගත් විට අප ලැබුණු එම තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දීමක් කළා. ඔවුන් ඊට කඩනමින් ප්‍රතිචාර දැක්වූවා."
"අප ශ්‍රි ලංකා බලධාරීන් සමඟ කාර්යශීලිව කටයුතු කරනවා. ඔවුන් සමඟ දෛනිකව තොරතුරු හුවමාරු කර ගන්නවා. ශ්‍රී ලංකා නායකත්වය සහ ආරක්ෂක නිලධාරීන් සමග ඇති සහයෝගය අප අගය කරනවා. ඔවුන් විනිවිදභාවයෙන් සහ කැප වීමෙන් ඔවුන්ගේ රාජකාරි කරනවා. මම කැමතියි ව්‍යාජ තොරතුරක් ගැන කියන්න. ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවලා නෑ කිසිසේත්ම. පසුගිය සතියේ අප ආරක්ෂක අනතුරු ඇඟවීම සිදු කළේ ඇමෙරිකන් පුරවැසියන්ට නැවත දැනුම්දෙනතුරු ආරුගම්බේ යන්න එපා කියලා. නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරලා තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් නෑ."
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි
ගමිනි සෙනරත් Tuesday, 29 October 2024 06:51 AM
අප්පිරියයි මේ බෝන් අගේන් ආගමික අන්තවාදී ආණ්ඩු පෙරලන හොර ගෑනී දකින්නත්…