
(සුජිත් හේවාජුලිගේ)
ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත
මැතිවරණ අපේක්ෂකයන්ගේ සංග්‍රහ ගණනාවක් මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල පවත්වා තිබිණැයි කියති.
මේ අනුව එම අවවාදාත්මක ලිපි මහනුවර ප්‍රදේශයේ හෝටල්වලට මුලින්ම යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සිය ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ ලබාදීමට මැතිවරණ අපේක්ෂකයන්ට සහාය දීමෙන් වළකින්නැයිද එම ලිපි මගින් හෝටල් හිමියන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි සඳහන් වේ.
තවද හෝටල්වල මෙවැනි සංග්‍රහ පැවැත්වීම නැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (28) පොලිසියට උපදෙස් මාලාවක් ලබා දුන්නේය.
මේ අතර මැතිවරණ අපේක්ෂකයන් විවිධ හෝටල්වල සංග්‍රහ පවත්වන බවට සදහන් අසත්‍ය පැමිණිලිද විශාල වශයෙන් ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එවැනි ස්ථාන පරීක්ෂාව සඳහා අමතර වියදමක් දැරීමට සිදුවන හෙයින් එලෙස අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි කොමිසම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මහනුවර මැතිවරණ අපේක්ෂකයකු මහනුවර ප්‍රදේශයේ හෝටලයක පෙරේදා සංග්‍රහයක් පවත්වමින් සිටියදී මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානය වැටලූ අවස්ථාවේදී අපේක්ෂකයා පස්ස දොරෙන් පලා ගොස් ඇතැයි වාර්තාවේ.
එහිදී එම සංග්‍රහය පැවැත්වීමේ වගකීම අපේක්ෂකයාගේ ආධාරකරුවකු බාරගෙන ඇති බවද දැනගන්නට ඇත.
මේ අපේක්ෂකයාගේ ක්‍රියා කලාපය ගැන මහනුවර සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් පැමිණිලි කර අැත.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට සාද දාන හෝටල්වලට මැකෝගෙන් රතු එළියක්
Priyantha Dissanayake Tuesday, 29 October 2024 08:07 AM
එම පස්ස දොරෙන් පැන යාමේ සිද්ධිය සත්‍ය නම් අදාල පක්ෂය සහ අපේක්ෂකයා කවුද කියා ප්‍රසිද්ධ කරන්න ඕනෑ සහ රන්ජන් රාමනායකට මේ රටේ ක්‍රියාත්මක වන්නේ වෙනම නීතියක්ද..? ඒවගේ සිදුවීම් පැහැදිලි ලෙස අනාවරණය වූවාම ඇයි සොයා නොබලන්නේ...? කෙනෙක් ඉදිරිපත් වී පැමිණිල්ලක් කරන්නම ඕනෑද..?