IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් යෝජනා වල ඇත්ත රටට කියන්න

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග නිව්යෝක් නුවරදී ආණ්ඩුව සිදුකළ සාකච්ඡා වල ඇත්ත තත්ත්වය ජනාධිපතිවරයා වහා රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  අතුරුගිරියේදී පැවසීය.

ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනා සියල්ල ක්‍රියාත්මක කළහොත් අයවැය පරතරය රුපියල් බිලියන 2500 දක්වා වැඩි විය හැකි බව කී හිටපු ජනාධිපතිවරයා නැවත පෝලිම් ඇති වෙනවාද? උද්ධමනය වැඩි වෙනවද? රුපියල බාල්දු වෙනවද? පොලිය වැඩි වෙනවද යන කාරණය ජනතාව  දැනගත යුතු යැයි කීය.

ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අතුරුගිරියේදී මෙම ජනරැළිය පැවැත්විණ.



අදහස් (11)

අයි.එම්.එෆ් යෝජනා වල ඇත්ත රටට කියන්න

ccc Monday, 28 October 2024 07:46 PM

සීයේ පැත්තකට වෙලා ඉන්නකෝ..!

:       23       80

lasa Monday, 28 October 2024 07:59 PM

අනේ, මේ සීයේ කුජීත වෙන්න පැරැදිලා ඊට පස්සේ අපේ සල්ලි වලින් කෝකියෝ 15 ආරක්ෂක 160 වාහන 16 ඉල්ලලා දැං එනවා කරපු ගොං කම් කියවන්න. ඔබලා ඔක්කෝම අවුරුදු 70 ගාණක් කෙලවලා අපිව නැතිම කරලා දැන් කියවන්නේ හරියට දියුණු රටක් බාරදුන්නා කියලා. එක ණය වාරිකයක් ගෙව්වේ නෑ. ජෝගි නැටුවේ රට වටේ හෙලිකොප්ටර් සවාරි ගිහිං... හෙන ගහනවා... අහිංසක මහජනයාගේ ධනය නාස්ති කළාට...!

:       22       86

අමු කන සිංඥෝරේ Monday, 28 October 2024 08:07 PM

පස්ස දොරෙන් ඇවිත් පිනට කකා හිටපු කාලේ ඕක කියන්න අමතක වුනෙයි, ඔහේට...?

:       22       81

පිටරටවැසියා Monday, 28 October 2024 08:55 PM

ශ්‍රී ලංකිකයින් පුදුම පවක් කරලා තියෙන්නේ.. මැතිවරණ දෙකකින් ගෙදර ඇරලත්, රට බංකලොත් කරපු හොරුන්, තක්කඩින්ගෙන්, බණ අහන්නත් වෙලා...!!!

:       0       3

pakeer Monday, 28 October 2024 08:56 PM

සීයා දැන්නේ පොර වෙන්න යන්නේ... මෙය‍ාව පිස්සන් කොටු ගෙනියන්න කවුරුවත් නැහැනේ මේ රටේ...

:       1       3

යෝගා Tuesday, 29 October 2024 06:55 AM

අනුරගේ නඩය IMF පළමු සාකච්ඡාවම අනාගෙන. ප්‍රතිපත්ති මාලාව දැක්කාම IMF කණ්ඩායමට අනේ කියලා හිතෙන්න ඇති..!

:       0       0

ජයනාත් Tuesday, 29 October 2024 07:17 AM

තමුන්නැහැලා ඒ කාලේ කරපු හොර සාකච්ඡා එළි කළාද..? දැන් ද ඕනේ..!. මේ වගේ ⁣කුහක දේශපාලකයින් අතුගාලා දාන්න ඕනෑ. තමුන්නැහැලා ඒ කාලේ කරපු ⁣ඔය වගේ ගොන් කතා නිසා තමයි ඡන්ද නැති වුනේ... ඒක තේරුම් ගන්න වයසට ගියත් බැහැ නේද?

:       0       0

sam Tuesday, 29 October 2024 07:24 AM

කරුණාකරලා බටලන්දේ වුණු වදහිංසා, ජීවිත අහිමි කිරීම් පිළිබඳ රටට හෙළි කරන්න. යාපනයේ පුස්තකාලය ගිනිතියන කොට හැංගිලා බලන් හිටියේ නැහැ කියලා රටේ ජනතාව කියන්න. මහබැංකු හොරා අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එක්කන් එන්නේ කවද්ද කියන්න.. ඒකට සම්බන්ධ නැති බවත් ප්‍රසිද්ධියේ කියන්න. සීයෙ අනේ ඉක්මණට මේවා රටට කියන්නකෝ. ඔයා හරිනම් අපි ඔයා එක්කයි.

:       0       0

Perera Tuesday, 29 October 2024 07:25 AM

රටේ මිනිස්සු කී පාරක් මෙයාව එළවලා දැම්මද? ඉන්නකෝ පැත්තකට වෙලා කියවන්නේ නැතිව...

:       0       0

saman Tuesday, 29 October 2024 08:12 AM

මට මතක් වෙන්නෙම පාලනය කාලේදී මොහුගේ උද්දච්ච කම. හොර පාරෙන් ඇවිත් මිනිස්සුන්ට චන්ඩිකම් දදා, උසාවි තීන්දුවකට ගරු නොකර, තමන්ගේ ගැටළුවක් ඉදිරියට ගෙනාපු ජනතාවගේ ඇස් ගලෝලා, ඡන්ද තියන්න ඡන්ද කෝ අහපු සැට්ටැඹියා, අද උණ්ඩුක පුච්චය රත්වෙලා. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නොසිටිය යුතුව තිබූ හා අනාගතයේදී අවස්ථාවක් නොදිය යුතු අවස්ථා වාදියෙක්. මොහු බලා ඉන්නේ ආණ්ඩුවක් පෙරලෙන කම් පින් ජනපතිකම් කරන්න...

:       0       2

Bunny Preena Tuesday, 29 October 2024 10:34 AM

ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site