
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
මෝටර් වාහන හිස් පොත් 12ක් අස්ථානගත වී ඇති බවට වෙළඳ වාහන පැවරුම් අංශයේ නිලධාරිනියක එම පැමිණිල්ල සිදුකර ඇත.
අස්ථානගත වූ පොත්වල අංකයන්ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර පිළිවෙලින් තිබෙන අංක එම පොත්වල සඳහන්ව ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.
එම පොත් කහ පාටින් මුද්‍රණය කළ පොත් බවට වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.
වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගේ නිල කාමරයේ කබඩ් එකක අලුතින් මුද්‍රණය කරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 1000 ක් තබා තිබී ඇති අතර ඒ අතරින් මෙම පොත් අස්ථානගතව ඇතත් කබඩ් එකේ ඉබියතුරු කඩා නැතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම කාමරයට ප්‍රවිෂ්ට වන දොර දර්ශනය වන ආකාරයෙන් සීසීටීවි කැමරාද ක්‍රියාත්මක වන බැවින් ඒ ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
එකි පැමිණිල්ල අනුව වෙළඳ වාහන පැවරුම් අංශයේ සහකාර කොමසාරිස්වරයාගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම්, දෙකක් ජොනියගේ ගෙදර ඇති. දෙකක් රත්තරංගේ ගෙදර. තුනක් ලොහාන්ගේ ගෙදර ඇති. වැඩිදුර හොයන්න ඕනේ නෑනේ.
අපි උපන්ගෙයි හොරු. ඉපදෙන්නත් කලින් ඉඳලම දෙමව්පියෝ හොර පදිංචි සහතික වගේ ඒව හදලා, බොරු කියලා, කරල ලොකුයි කියල හිතන ඉස්කෝලෙකට දාගන්න හදනවා. හොර, බොරු ජානමය තෑගි විදිහට දීල තියෙනවා. රටේ සෑහෙන දෙනෙක් පගා, වංචා වලින් හම්බකරන සල්ලිවලින් දරුවන්ට කන්න බොන්න දෙන්නේ.
ඔන්න වැඩ පටන්ගෙන . පහුගිය කාලේ හොරෙන් ගෙනාපු වාහන වලට තමා මේ . අංක ප්‍රසිද්ධ කරන්න . සියල්ලම අවලංගු කරන්න .
හොරෙන් ආනයනය කල වාහන 12000 ක් සදහා ලියාපදිංචි සහතික නිකුත්කරන්න එම පොත් ප්‍රමාණවත් වෙනවා .දැන් ඔය පොත් හරහා හොරෙන් ආනයනය කල වාහන 12000 ත් අල්ලාගන්න මොළයක් තියෙන බලධාරියෙකුට පුළුවන් වෙනවා. හරියට දඹුලුත් ගිහිල්ලා තලගොයිත් මරාගෙන ආවා වගේ වැඩේ කරන්න පුළුවන්. කොහොම වුනත් ඕවට කියන්න වෙන්නෙ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියලා තමයි
ඕක අනිවාර්යයෙන්ම පිටින් අපු සිරියල් අංක ගැන නොදන්නා හොරෙක් කරපු වැඩක් , ඇතුලේ ඉන්න මිනිස්සුට පොත් හොරට ගන්න අවශ්‍ය නැහැ උන් ඔරිජිනල් පොත් වලම ලස්සනට හොර වාහන ලියාපදිංචි කරනවා , උන් හොරකම් කරන්නේ සමුපාකාර ක්‍රමයට , උන් පොලිසිය , අල්ලස් දෙපාර්තමේන්තුව , නීතිපති දෙපාර්තමේන්තුවේ ලින්ක් තිබෙනවා , උන් කරන හොරකම් වලින් 0.001 % වත් නඩු ඔප්පු කරන්න බැරි බව උන් දන්නවා