
(ජේ.එක්.එල්. ලලිත් චාමින්ද)
දුම්රිය විදුලි සංදේශ පද්ධති වැඩිදියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ නවින දුම්රිය සන්නිවේදන පද්ධතිය සදහා රුපියල් මිලියන 1,901 ක මුදලක් වැයකර ඇතත් ව්‍යාපෘතියේ ප්‍රායෝගික භාවිතය අසාර්ථක විම හා අරමුණු ඉටුනොවිම හේතුවෙන් වැයකළ මුදල් පල රහිත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
දුම්රිය එන්ජින්වල සංනිවේදන උපකරණ සවිකිරිම සදහා රුපියල් මිලියන 274ක මුදලක් වැයකොට ඇතත් මෙම උපකරණ භාවිතා කරමින් දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවන බව විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි ව්‍යාපෘතිය යටතේ මෙහෙයුම් රාජකාරිවල නිරත වු නිලධාරින්ට ජංගම දුරකථන ලබාදිම සදහා රුපියල් මිලියන 132ක මුදලක් වැයකොට තිබුණි.
එහෙත් රාජකාරි කටයුතු සදහා මෙම උපකරණ භාවිතා නොකිරිම නිසා මෙකි උපකරණවල ක්‍රියාකාරි භාවිතය අවම මට්ටමක පැවතුණි.
දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථාන සදහා රුපියල් 61,457,916 වැයකොට සපයනු ලැබු පද්ධති නිරික්ෂණ උපකරණ හා හඩ පටිගත කිරිමේ උපකරණ සදහා දුම්රිය රියදුරන් පද්ධතියට ප්‍රවේශ නොවිම හේතුවෙන් භාවිතයට ගෙන නොතිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට තාක්ෂණික දැනුම නැහැ වගේ මේවා භාවිතා කරන්න. තාක්ෂණික නිපුණතාව ලබා ගැනීම අනිවාර්ය කරන්න. නැත්නම් මේ රට හැදෙන එකක් නැහැ.
මොකක් නිසාද රියදුරන් අලුත් පද්ධතිය භාවිතා නොකරන්නේ?
රෑ දවල් වෙනසක් නැතිව බීමත්ව අවුරුදු පණහකට වඩා පරණ එන්ජින්වලට වැඳගෙන ඉන්න කැමැත්ත වැඩි දුම්රිය රියැදුරන්ට මොන නවීන තාක්ෂණය දුන්නත් වෙනස් කරන්න බෑ....අලුත් ගණිත උපාධිධාරීන් ඔය වෘත්තීය සහ නියාමක වෘත්තීය සඳහා බඳවාගෙන පුහුණුව දෙන්න...
උපකරණ අලුත් උනාට වැඩ කරන මිනිස්සු පරණයි .
එහෙනන් ඉතින් ඕකට වග කියන්න ඕන දුම්රිය රියදුරන් නේද? උන්මනෙ හොඳ සඥා පද්ධතියක් ඕන කියල වර්ජන කරන්නෙ වෙලාවකට. ඊට පස්සෙ හදල දුන්නම පාවිච්චි කරන්නෙ නෑ. ඕකුන්ට අතිකාල වලින් වංචා කරන්න බෑනෙ ඒක වෙන්න ඇති.
මහජන මුදල් නාස්ති කිරීම මහා අපරාධයක් .අපි කැමති දුම්රිය රියදුරන් මෙම කරුණ ගැන මොනවද කියන්නේ කියලා දැනගන්න
වාකයක් ගියත් වැඩ වරන්න තමයි දුම්රිය සේවකයින් දන්නෙ.
බන්දුල සහ එයාම පත්කරගත්ත ලේකම්ගෙයි ගොබ්බ කෙරුවාවේ ප්‍රතිඵල තමයි. කයියනායකට මේ වගේ ඇස්පනාපිට දූෂනයන්ටවත් දඬුවම් කරන්න බැරිනම් වැඩක් නෑ.
මේ කියන විදිහට දුම්රිය රියදුරන් මේක එක පාරක් පාවිච්චි කරපු ගමන් මේ සුදු අලියා කලු වෙනවා.
දුම්රිය සේවයේ මහත්වරුනි, රට වැටී ඇති අගාධයෙන් මුදා ගැනීමට ඔබගේ සහයෝගය දෙන්න. අනාගතයේ උපදින්නට ඉන්න දරුවන් ගැන සිතන්න. හදවතට එකඟව තීන්දු තීරණ ගන්න...
ඕන එකටයි එපා එකටයි හැම එකටම නවීන තාක්ෂණය ගාව ගත්තාම ඔහොම වෙනවා.
නවීන තාක්ෂණය ගෙනෙන්නට පෙර එහි ඇගයීම සහ ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව අද්‍යයනය කළයුතුයි. බොහෝ අවස්ථාවල අපේ රටේ කරන්නේ ලොක්කාට සහ අනික් සොක්කන්ට ගාන එන විදියේ වැඩක්නම් අනුමතකරලා තමාගේ බඩ වඩාගැනීම විතරයි.