‘‘මහින්දගේ මවිලකටවත් හානි වුණොත් බලාගෙනයි‘‘ හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය. 31 October 2024
මහින්දගේ ආරක්ෂකයෝ 60 දක්වා අඩු කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇත. 31 October 2024
හංවැල්ලේ ව්‍යාපාරික නිවෙසට වෙඩි ප්‍රහාරයක් හංවැල්ල ආටිගල පාර බටවල හන්දිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවෙසට අද (31) අලුයම යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 31 October 2024
’’හොරු අල්ලන්න ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අහනවා’’ හොරුන් අල්ලන්න මෙතරම් ප්‍රමාද ඇයිදැයි හොරුන්ම අපෙන් විමසුවත් එය ක්‍රමානුකූලව කරන ක්‍රියාවක් බැවින් ඊට රජයට කිසිදු හදිසියක් නැතැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කැස්බෑවේදි පැවසුවාය. 31 October 2024
සරම්ප එන්නත් ලබාදීම ලබන 4 වැනිදා සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ලබන 4 වනදා සිට 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 31 October 2024
පිය සෙනෙහස අහිමි දරුවන් පස් දෙනා දින ගණන් කුස ගින්නේ රෝගී තත්වයට බෙහෙත් නැතිව මියගිය පියාගේ දරුවන් පස් දෙනා මේ වන විට කුසට ආහාරක් නොමැතිව දැඩි ලෙස අසරණවී ඇති පුවතක් බලපිටියෙන් වාර්තා වේ. 31 October 2024
බල්ලාට වෙඩි තැබූ හිටපු කපිතාන් රිමාන්ඩ් පාරේ යන විට බිරුවාට උරණ වී අසල්වැසි නිවසේ සුරතලයට ඇතිකරන ‘සිඩ්නි පුතා’ නමැති බල්ලාට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය. 31 October 2024
බස්- ලොරි ගැටීමෙන් 14ක් රෝහලේ බලන්ගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි ඇඟලුම් සේවිකාවන් 14 කු අද (31) දා පස්වරුවේ තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත්කර ඇතැයි පොලිසිය පවසයි. 31 October 2024
ප්රජාතන්ත්රවාදී ඇඳුම ජවිපෙට ගැලපෙන්නෙ නෑ වගේ ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ජන හමුවකදී අද (31) පැවසීය. 31 October 2024
’’සජබ ජනතාව ගැන හිතන පක්ෂයක්’’ වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව යටතේ තවත් පෝලිම් යුගයක් නිර්මාණය වී පොල් පෝලිම් පාස්පෝට් පෝලිම් දැකගැනීමට හැකිව ඇතැයි සමගි ජනසන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 31 October 2024
මැතිවරණ ආක්‍රමිකතා: අපේක්ෂක ගෝලයෝ 120ක් අත්අඩංගුවට එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇත. 31 October 2024
ලොහාන් රත්වත්ත අත්අඩංගුවට මිරිහාන පොලිසියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ . 31 October 2024
රුසියාව - ශ්‍රී ලංකාව අතර රේගු අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ . 31 October 2024
රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ ඇනහිටලා ශ්‍රී ලංකා රේගුවේ විවිධ අංශ මගින් සිදුකරන රේගු විමර්ශන 8450 ක් වසර ගණනාවක් තිස්සේ නොවිසඳී පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 31 October 2024
රට සේවයට යැවූ ඇමැති ඥාති හිතවතුන්ගේ වාර්තාව එළියට පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 31 October 2024
ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය. 31 October 2024
අම්බර් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනාකමකින් යුතු අම්බර් තොගයක් ( තල්මස් වමනය) සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 31 October 2024
ගල් වළකට මොටර් රිය පෙරැළී සිව්දරු පියා මරුට අඩි හැටක් ගැඹුරැති ගල් වලකට මෝටර් රථයක් පෙරළි යාමේන් අද (31) අලුයම සිව් දරු පියකු එම ස්ථානයෙදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 31 October 2024
කෝටි 22ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයා වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයෙකු රුපියල් කෝටි විසි දෙකකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි . 31 October 2024
ලක්ෂ 50ක හෙරොයින් සමඟ අයෙක් දැලේ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මරදාන ජේ ඊ ගුණසේකර මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුර සඳහන් කරයි. 31 October 2024
මහ ඡන්දය ගැන වාර්තාවක් නීතිපතිට පාර්ලිමේන්තු මැතිවරණයේ දිනය සහ එම මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට බාරදී ඇත. 31 October 2024
මීගොඩ නිවෙසකට වෙඩි මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසට අද (31) දින අලුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි 31 October 2024
සවස් කාලේ තැනින් තැන වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 October 2024
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අටකගේ දුරකතන විස්තර ඉල්ලයි නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වෙළඳ වාහන ලියාපදිංචි කිරීමේ අංශයට අනුයුක්තව සේවය කරන සේවකයන් අට දෙනකුගේ දුරකථන විස්තර වාර්තා ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා දුරකථන සමාගම් තුනකට අද (30) නියෝග කළේය. 30 October 2024
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය. 30 October 2024
අගුණකොලපැලැස්සට කාන්තාවකගෙන් සුරුට්ටු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු බැලීමට සඳහා පැමිණි කාන්තාවක් සැකකරුට දීමට යට ඇදුමේ සඟවා ගෙන සිටි ජංගම දුරකථනයක් සහ දුම්කොළ සුරුට්ටු 19ක් සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය. 30 October 2024
රෝහල්වලට යැවූ බෙහෙත් මාස දෙකක් තිස්සේ දුම්රිය වැගන්වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැගන් වල ඉවත් නොකර රඳවා තැබීම හේතුවෙන් ඒවායේ ගුණාත්මක භාවය අඩුවීමේ දැඩි අවදානමකට ලක්ව පැවතුණ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 30 October 2024
‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘ පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය. 30 October 2024
ඡන්ද දැන්වීම් අලවන්න ගිහින් කූඩුවේ ළගී නීති විරෝධී ලෙස මැතිවරණ ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු මැතිවරණ ප්රචාරක පෝස්ටර් 74 ක් සමග පසු අද මතුගම ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. 30 October 2024
ගංගාරාම පොඩිහාමුදුරුවන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් ශිෂ්‍යත්ව භාර අරමුදලක් කොළඹ නවකෝරලේ ප්‍රධාන සංඝනායකව සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානාධිපතිව වැඩ විසූ දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ අපවත් වී වදාළ ගල්බොඩ සිරි ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණය නිමිත්තෙන් පැවැත්වීමට යෝජිත පිංකම් වලට අමතරව ශිෂ්‍යත්ව භාර අරමුදලක් පිහිටුවීමට කටයුතු කර ඇත. 30 October 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026