ආසියානු ක්‍රිකට් ශූරියන්ට මුදල් ත්‍යාගයක් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට විශාල මුදල් ත්‍යාගයක් අද (29) රාත්‍රී ප්රදානය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 29 July 2024
ගල්කිස්ස උසාවියේදී සිදුකළ ඝාතනයකට අනුබල දුන් අයෙක් මාට්ටු ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී විත්තිකරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය කුමාන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 July 2024
නීතිඥ නුවන් බෝපගේ ජනපති සටනට ජන අරගල සන්ධානයේ ජනපති ධූර අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කරන බව මහජන පුස්තකාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (29) නිවේදනය කළේය. 29 July 2024
නායක හාමුරුවන්ගේ බැංකු ගිණුමෙන් ලක්ෂ හයහමාරක් උස්සලා දුරකථන සමාගමක සේවකයන් බව හගවමින් බදුල්ලේ පිරිවෙන් විහාරස්ථානයකට පැමිණි තරුණයන් දෙදෙනෙක් නායක හාමුරුවන්ගේ ජංගම දුකරථනයේ සිම් පත සොරකම් කරගෙන ගොස් එම සිම්පත උපයෝගි කර නායක හාමුදුරුවන්ගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 29 July 2024
පොදු අපේක්ෂකයෙකු නම් කිරීම නිශ්ඵල ක්‍රියාවක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු නම් කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ලංකාදීපයට සඳහන් කළේය. 29 July 2024
ප්‍රභූ ආරක්ෂාවට කෝටි 583ක් වැය කරලා මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ ආගමික නායකයන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ ආරක්ෂකයන් ( ප්‍රභූ ආරක්ෂක සේවය) වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 583 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 29 July 2024
ඇමැති බන්දුල පොලිසි යයි හෝමාගම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අනුදැනුමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ රැස්වීමක් සංවිධානය කළ බව කියන හෝමාගම බල මණ්ඩලය හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාට විරුද්ධව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 29 July 2024
කොළඹ -නුවර පාර යක්කලින් වැහෙයි කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල මංසන්ධිය අසලදී බස් රථයක් සහ කන්ටේනර් පැටවු රථයක් ගැනීමෙන් මීට සුලු වේලාවකට පෙර අනතුරක් සිදු විය. 29 July 2024
තැපෑලේ ඡන්ද වියදම කෝටි 140ක් ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් කෝටි 140ක ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසමට යොමුකර ඇත 29 July 2024
අනතුරින් පොලිස් සැරයන් මරුට අවිස්සාවේල්ල පුවක්පිටිය - තුම්මෝදර මාර්ගයේ ඉළුක්පිටිය ප්‍රදේශයේ දී සිමෙන්ති පැට වූ ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අද (29) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 29 July 2024
විජයදාසට-සාරථීට පැනවු වාරණය යළි දිග් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම සහ එම තෝරා පත් කරගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝග සැප්තැම්බර් මස 24 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද(29) නියෝග කළේය. 29 July 2024
ඡන්දෙට මෙහෙයුම් මැදිරි ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම එම පැමිණිලි විමර්ශනය කිරීම සහ මැතිවරණ නීති කඩ කරන අය ගැන සොයා බැලීම සඳහා පොලිස් කොට්ඨාස මට්ටමින් සහ පොලිස් ස්ථාන මට්ටමින් මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 29 July 2024
තේ පොහොර සහනාධාරය දෙගුණ කරයි තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කළේය 29 July 2024
මමත් සූදානම් පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පැවසීය 29 July 2024
තියුණු ආයුධයකින් පහරදී ගොපල්ලා මරලා ඔයාමඩුව , කදුරු පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය පවසයි. 29 July 2024
පාසල් සිසුවා නාච්චිමල දිය වළකට බිලි අවිස්සාවේල්ල නුගදණ්ඩ නාච්චිමල ඇලෙහි ගෝනවල නමැති දිය වළක මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය 17 හැවිරිදි වොලිබෝල් ශූරයෙකු වන පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 29 July 2024
විජයදාස ඉල්ලා අස්වෙයි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් නිවේදනය කළේය. 29 July 2024
මදුරෝට තෙවැනි වරටත් ජනවරමක් වෙනිසියුලා ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, ජනාධිපති නිකලස් මදුරෝට තෙවැනි වරටත් ජන වරමක් හිමිවිය. 29 July 2024
නගර සැලසුම් වලට තැන් දෙකක අනුමැතිය අනිවාර්ය කරයි නාගරික සංවර්ධන සැලසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 July 2024
සතුන්ගේ වගා හානි නතර කළොත් අලුතින් වගා කරන්න ඕන නෑ වන සතුන්ගෙන් වන වගා හානි වලක්වා ගතහොත් අලුතින් වගා නොකළත් එම අස්වැන්න ප්‍රමාණය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 29 July 2024
කඩු පහරින් තරුණයා රෝහලේ නෝනගම වැලිපටන්විල උසන්ගොඩ පන්සලේ පෙරහැරේ කවාඩි නැටීමට නිවසින් පිටව ගිය තරුණයකුගේ දකුණු අත තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදුවිම හේතුවෙන් එම තරුණයා රෝහල් ගත කර ඇති බව හුංගම පොලිසිය කියයි. 29 July 2024
මධ්‍යම පළාතේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 2,142 ක් මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වයස අවුරුදු පහට අඩු දරුවන් 2,142 ක් උග්‍ර මන්දපෝෂණ තත්වයෙන් පෙළෙන බව හඳුනා ගෙන ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. 29 July 2024
මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසීය . 29 July 2024
ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක් 13 වන අන්තර්ජාතික බාලි සංගීත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ’’ සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ ’’ ( Soul Sounds Academy ) සිසුන් 34 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කේවළ අංශයෙන් රන් පදක්කම් 17 ක් , රිදී පදක්කම් 08 ක් සහ කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් 02 ක් දිනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 29 July 2024
ඝාතනයක් නූලෙන් වැළකේ සොරා ගත් යතුරුපැදියකින් ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් විදේශක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 29 July 2024
තැනින් තැන විටින් විට වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි. 29 July 2024
හබරාදූවේ වෙඩි තැබීමක් හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ කාමර පහසුකම් ලබාදෙන හෝටලයක් අසළදි ඊයේ රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 29 July 2024
අත තුනට කැඩෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කෑලි තුනකට කැඩී ගොස් ඇත. ඒ එහි නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට උදව් කරන බව ප්‍රකාශ කිරීම හේතුවෙනි. 28 July 2024
පිහිනුම් තටාකයේ ගිලී හත්හැවිරිදි දරුවා මරුට මහනුවර ලුවි පීරිස් මාවතේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලි වයස අවුරුදු 07 ක පිරිමි ළමයෙකු මිය ගොස් ඔහුගේ වැඩිමහල් සහෝදරයාද එම පිහිනුම් තටාකයේම ගිලි බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . 28 July 2024
ජනපති කතානායක- අගවිනිසුරු අමතයි පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබේ. 28 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026