ලක්ෂ දෙකේ කප්පම් සිද්ධියට පොලිසියේ දෙකක් රිමාන්ඩ්
තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද(09) නියෝග කළේය.