කුඩ්ඩා ළඟ රිවෝල්වරයක් ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමට හැකිවූ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි 29 October 2024
ඡන්දෙට සාද දාන හෝටල්වලට මැකෝගෙන් රතු එළියක් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත 29 October 2024
පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA) ඊශ්‍රායල තුළත්, ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින නැගෙනහිර ජෙරුසලම ප්‍රදේශයේත් ක්‍රියාත්මක වීම තහනම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කළේය. ඒ, එම තහනමට පාර්ලිමේන්තුවේ ඡන්දය හිමිවීමෙන් පසුවය. 29 October 2024
එකම දුම්රිය දෙතැනකදී දෙවතාවක් පීලි පනී අද උදේ කොම්පඤ්ඤවීදියේදි පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි ගත කර මාලිගාවත්ත අංගනයට රැගෙන යද්දි මරදාන හා මාළිගාවත්ත අතරදී නැවත පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 29 October 2024
ආරක්ෂක ලේකම් යුද හමුදා මූලස්ථානයට යයි ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සංචාරයක අද නිරත විය. 28 October 2024
ඇමැති බංගලාවලින් ලක්ෂ 50ක ජල පොල්ලක් අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා විසි තුනකට අදාලව රුපියල් ලක්ෂ 50 කට අාසන්න මුදලක් ගිය වසර අවසානය වනවිටත් අයකර නොගෙන හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 October 2024
’ගංවතුර විපතට’ පෝට් සිටියෙන් මිලියන තුනක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited) කළමණාකාර අධ්යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවැත්විණි. 28 October 2024
රනිල්ගේ බොරු පොරොන්දුවක් හරිනි පෙන්වයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනේ අමරසූරිය මෙනවිය පැවසුවාය 28 October 2024
ආණ්ඩුව වී ටොන් ලක්ෂ 4ක් මිලදී ගන්න සූදානම් වෙයි සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙනදීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 4 ක් පමණ මිලදී ගැනීමට වී අළෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා අද (28) පැවසීය. 28 October 2024
අයි.එම්.එෆ් යෝජනා වල ඇත්ත රටට කියන්න ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග නිව්යෝක් නුවරදී ආණ්ඩුව සිදුකළ සාකච්ඡා වල ඇත්ත තත්ත්වය ජනාධිපතිවරයා වහා රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතුරුගිරියේදී පැවසීය. 28 October 2024
ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ් දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩංගුවට පත් සැකකරු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 28 October 2024
පොලොන්නරු මහේස්ත්‍රාත්ගේ නිල නිවෙසට රතිඤ්ඤයක් දාලා පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර තාප්පෙන් විසිකර ඇති බව පොළොන්නරුව පොලිසිය පවසයි. 28 October 2024
දුම්රිය ස්ථානාධිපතීන් වර්ජනයකට සැරසෙයි දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට ඉදිරි පැය 72 ක තුළ විසඳුමක් නොදුණ හොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 October 2024
විමල්ට එරෙහි නඩුවකට දින දෙයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (28)නියෝග කළේය. 28 October 2024
කටුනායකට ආ ඉන්දීය ගුවන්යානයක යළිත් බෝම්බ බියක් ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානයද අද (28) දින පස්වරුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි. 28 October 2024
දෙමටගොඩ රුවන්ගේ පවුලටම නඩු දමයි නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිඳ, සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. 28 October 2024
අවිධිමත් ප්‍රසම්පාදන වැඩ නවත්වනවා අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වලක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 October 2024
සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාලන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය. 28 October 2024
පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය. 28 October 2024
’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’ පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 October 2024
ඩෙංගු වැඩි වීමේ අවධානමක් පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. 28 October 2024
මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පිරිසක් අද(28දා) මිරිසවැටිය රථ ගාල අසල උද්ඝෝෂණයක නිරත වූහ. 28 October 2024
සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. 28 October 2024
සජබ හිටපු මන්ත්‍රීගේ කැබ් රිය පබුරන දමා ගිහින් දකුණ පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් කැබ් රථයක් මාතර පබුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පිටුපස දමාගොස් තිබියදී මාතර පොලිසිය සොයාගෙන ඇත. 28 October 2024
’’ලබන වසරේ බල හුවමාරුවක්’’ ඉදිරි දේශපාලනය පිළිබඳ අනාවැකියක් කියන බවත් 2025 වන විට රාජ්‍ය බලයෙන් වාමාංශික මතවාදය ගැලවී නැවත වරක් දක්ෂිණාංශික අලුත් කණ්ඩායමකට බලය හුවමාරු වන බවත් ජාතික ජනතා පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා සදහන් කළේය. 28 October 2024
පාර්ලිමේන්තු ක්‍රමවේදය සරසවි 5ක විෂය නිර්දේශයට පාර්ලිමේන්තු ක්‍රමවේදය විශ්ව විද්‍යාල පහක විෂය නිර්දේශයන්ට ඇතුළත් කරනු ලැබ ඇත. 28 October 2024
දවල් කෑම දුන්න අපේක්ෂකයා පොලිසිය එද්දි මරු වෙලා වැඩිහිටියන් 500 කට දිවා ආහාරය ලබා දී පැවැත්විමට සුදානම් කර තිබු දේශපාලන රැස්විමක් පිලිබදව පොලිසියට තොරතුරු ලැබිමත් සමඟ එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂයක පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබන අපෙක්ෂකයකු එම ස්ථානයට මග හැර ගොස් ඇති බව සාලියවැව පොලිසියෙන් වාර්තාවෙයි. 28 October 2024
මහඡන්දෙදී ජනතාව බුද්ධිමත් විය යුතුයි යම්කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. 28 October 2024
අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි. 28 October 2024
වන අලි පහරින් දෙදරු මව මරුට සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කියයි. 28 October 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026