’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ. 25 July 2024
’’RAMIS’’ අනුකමිටු වාර්තාව ජනපතිට ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය. 25 July 2024
‘‘ව්‍යවස්ථා සංශෝධන මේ අවස්ථාවේ අනවශ්‍යයි‘‘ රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 25 July 2024
තිලංගට අතුරු තහනමක් ශ්‍රී ලංකා නිදන්ස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඉබි යතුරු දැමීමේ අර්බුදය පාදක කරගනිමින් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කළේය. 25 July 2024
පොලිස්පති ධුරයට මැතිසබේ උණුසුමක් පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (25) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 25 July 2024
ආරංචිය සුබද ඇහුවම මිනිස්සු බනිනවා ආරංචිය සුබද කියා ඇසුවාම මිනිස්සු අපට කුණුහරුපෙන් බනිනවා යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
විපක්ෂයට රැකවරණය දෙන්නෙ පාතාලය විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
වැටලීමට ගිය එස් අයි ට-සැරයන්ට ප්‍රහාරයක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි සිදුවු ගැටුමකින් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්ව තුවාල ලැබු අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු, සැරයන් වරයෙකු හා පොලිස් නිලධාරින්ට පහර දුන් පුද්ගලයාද රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 25 July 2024
රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
ගඩලාදෙණිය ගෙඩි ගෙට වහලක් ගඩලාදෙණිය සද්ධර්මතිලක රජ මහා විහාරයේ ගෙඩිගේ සම්ප්රදායේ පිළිමගෙය ආරක්ෂා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
විජයදාසත් ජනපති සටනට ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිදහස් චතුරස්රයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (25) ප්‍රකාශ කළේය. 25 July 2024
වත්කම් කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
වරාය නගර කොමිෂන් පනත පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ගැසට් කරන ලද නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
පොහොට්ටුවේ 48ක් තැන් දෙකකදී රැස්වේ ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 25 July 2024
ධීවර යාත්‍රාව පරීක්ෂා කරන්න ගිය නාවික භටයින්ට පහරදීලා ත්‍රිකුණාමලය,කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය නාවික හමුදා මුර යාත්‍රාවක සිටි නාවික භටයකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව පැමිණිල්ලක් කළ බව ත්‍රිකුණාමල වරාය පොලීසිය කියයි. 25 July 2024
ආනයනය අපනයන පාලනයට රෙගුලාසියක් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ 2024 අංක 9 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
ආචාර්ය වික්රමබාහුට පාර්ලිමේන්තුවේ සොව පළ වෙයි නව වාමාංශික පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව ශෝකය පළ කළේය. 25 July 2024
තුන්හැවිරිදි දරුවාට වද දුන් පියා අත්අඩංගුවට සිය තුන් හැවිරිදි දරුවාට ආහාර නොදී දිවි තොරකර ගනිමුයි යෝජනා කරමින් දරුවා කෘරත්වයට පත් කරන පියෙකු ඊයේ(24) රාත්රියේදී කරන්දෙණිය අනුරුද්ධගමදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය කියයි. 25 July 2024
සරත් ෆොන්සේකා ජනපති සටනට? 2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත්ෆොන්සේකා මහතා පවසයි . 25 July 2024
වික්‍රමබාහු කරුණාරත්න දිවි සැරිය නිමා කරයි නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 25 July 2024
හෙට සිට වැස්ස වැඩි වන ලකුණූ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 July 2024
නව පොලිස්පති ලලිත් පතිනායක ? දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 24 July 2024
ජනපති ඡන්ද දිනය හෙට රෑට ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. 24 July 2024
ඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයි ඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයි නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 24 July 2024
විශ්‍රාමිකයන්ට තුන්දහසක දීමනාවක් රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා ලබන සැප්තැම්බර් මස සිට රුපියල් තුන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට අද (24) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 24 July 2024
මලල ක්‍රීඩා කණ්ඩායම ප්‍රංශයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා අද(24)දා රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ. 24 July 2024
අත්හිටවූ ව්‍යාපෘති අරඹන්න ජපන් ආධාර තාවකාලිකව අත්හිටුවා ඇති ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දෙන බව ජපාන රජය අද(24)දා මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් නිවේදනය කළේය. 24 July 2024
ලක්ෂ 60කට ගජමුතු විකුණන්න බැරිවෙයි රුපියල් ලක්ෂ 60 ක මුදලකට අලෙවිකිරීම සදහා සුදානම් වු ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 24 July 2024
රැඳවියාගේ පහරදීමෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු රෝහලේ බෝගම්බර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පැවසීය. 24 July 2024
මුදල් ඉල්ලා කතකට පහරදුන් හමුදා සෙබළා අත්අඩංගුවට හිටපු යුද හමුදා නිලධාරියකුගේ බිරියකගෙන් මුදල් ඉල්ලා පහරදුන් බව කියන යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි. 24 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026