
රෝෂන් තුෂාර
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් පැවරූ නඩු මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නන්ගර මහතා නඩු සියල්ල විභාගයට ගැනීමට අද (11) නියෝග කළේය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන,හි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන නිලධාරීන් වගඋත්තරකරුවන් කරමින් කටුවා පිටිය බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් වූ වින්දිතයින් පැවරූ වන්දිනඩු 182 අදාළව මෙම නියෝගය නිකුත් කළේය.
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කියා සිටියේ තම සේවාදායකයින් දෙදෙනාම පොලිස් නිළධාරීන් වන නිසා ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාල සිදුවීම මාස 3ක් ඉක්ම යාමට පෙර පැවරිය යුතු බවය.
පැමිණිලිකාර වින්දිතයින් අදාල නඩු පැවරීම බෝම්බ ප්‍රහාරය සිදුවී මාස තුනක් තුළ සිදු නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වන තම සේවාදායකයින්ට එරෙහි වන්දි නඩු මූලාරම්භයේදීම නිෂ්ප්‍රභා කළ යුතු බවත් එම නීතීඥයින් විසින් මූලික විරෝධතාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මූලික විරෝධතාවය පූර්ව නඩු විභාගයේදී මූලික නෛතික ප්‍රශ්නයක් ලෙස සලකා විසඳිය යුතු බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු වින්දිත නඩුව විභාගයට නියෝග
රුවන් Thursday, 12 December 2024 07:28 AM
වැරදිකරුවන්ට මරණ දඬුවම ලැබේවා... මියගිය ජනතාවට සැනසීම ලැබේවා.
රම්බොඩ Thursday, 12 December 2024 09:36 AM
කෝටි ගාණක වන්දි ගෙවිවා නේද ? අනේ මන්දා මේ නඩු නම්.
බකල ජයා Thursday, 12 December 2024 12:39 PM
මරු තර්කෙ. පොලිසියේනම් මිනීමැරුවත් මාස තුනෙන් පස්සෙ නඩු බැහැ. හරි ශෝක් ආඥාපනතක් නේද