මුදල් ඉල්ලා කතකට පහරදුන් හමුදා සෙබළා අත්අඩංගුවට හිටපු යුද හමුදා නිලධාරියකුගේ බිරියකගෙන් මුදල් ඉල්ලා පහරදුන් බව කියන යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි. 24 July 2024
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට අද(24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. 24 July 2024
’’ප්‍රජා උපේදේශන කමිටු’’ චක්‍රලේඛයට අතුරු තහනමක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ’’ප්‍රජා උපේදේශන කමිටු’’ පිහිටුවීමට සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කළ චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24)නිකුත් කළේය. 24 July 2024
මහනුවර අනවසර ඉදිකිරීම් 111 ක් මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයේ මේ වසරේදී ඉදිකිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව අනවසර ඉදිකිරීම් 111 ක් හඳුනා ගෙන ඇති බව එම මහ නගර සභාව පවසයි 24 July 2024
අපේක්ෂකයා එළියෙන් නම් පක්ෂයට අගමැතිකම ඕනෑ ජනපති අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 24 July 2024
දයාසිරිගෙ නඩුවකට දින දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය දැරීමේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින් හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා සරත් ඒකනායක මහත්වරුන්ට අතුරු තහනමක් නිකුත් කරනවාද? නැද්ද ?යන්න පිළිබඳ නියෝගය ලබන 31 දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා අද (24) දන්වා සිටියේය. 24 July 2024
ජනපති කැබිනට්ටුව කැඳවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙයි. 24 July 2024
’’එක්ස්ප්‍රස් පර්ල් නඩුවට කෝටි 19ක් වැය කරලා’’ එක්ස්ප්‍රස් පර්ල් නැව විනාශ වීමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් කරුණු විභාග කෙරෙන නඩුවේ නඩු ගාස්තු වෙනුවෙන් මහා භාණ්ඩාගාරය කෝටි 19ක් දැනට වියදම් කර ඇතත් අනතුර සිදුවී වසර තුනක් ගතවෙලත් රටට තවමත් එක සත පහක් හෝ වන්දියක් ලැබී නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2024
අල්ලස් ගත්තැයි ග්‍රාම සේවක රිමාන්ඩ් උප්පැන්න සහතිකයේ නම වෙනස් කර දීම ඇතුළු කටයුතු කරදීමට රුපියල් 50 000 ක් වටිනා මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා පසුව රුපියල් 40000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කොළඹ 15 මාදම්පිටිය ග්‍රාම නිලධාරීවරයා ලබන 06 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24)නියෝග කළේය. 24 July 2024
සාම සාධක බළකාය දිවයිනට එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සදහා මෙරටින් පිටත්ව ගිය යුද හමුදා භට පිරිස් වසර 7 ක සාම සාධක මෙහෙයුම් අවසන් කරමින් යළි කටුනායක ගුවන්තොටුපොළට අද (24) පැමිණි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රසික කුමාර මහතා පැවැසීය. 24 July 2024
මහනුවරින් නව පක්ෂයක් මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින් ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශපාළන සන්ධානයක් පිහිටුවා ගත්තේය. 24 July 2024
සමරිසි පනතට මහා නා හිමි අප්‍රසාදය සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කළහ. 24 July 2024
’’පාර්ලිමේන්තුවේ බලහත්කාරය’’ එළිදකියි ජනාධිපති මාධ්‍ය අංශයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධ්යක්ෂ නදීරා මඩුගල්ල ලියූ ’’පාර්ලිමේන්තුවේ බලහත්කාරය - පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු’’ කෘතිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. 24 July 2024
’’ X ban - 2024 ජනපති සුරතින් විවෘත වෙයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ’’ X ban - 2024 ප්‍රදර්ශනය ඊයේ (24) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුනු අතර මෙම මස 28 වෙනි දින දක්වා මෙය පැවැත්වෙනු ඇත. 24 July 2024
ජනපති සටනට පෙරටුගාමීන් සූදානමින් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අනිවාර්යයෙන්ම තරඟ කරන බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජිකා සුරේඛා සමරසේන ලංකාදීපයට පැවසුවාය. 24 July 2024
ජනපති ළඟට යන්න ඉන්න සජබ දෙන්නා නම් කරයි රනිල්ගේ ළඟට සමගි ජන බලවේගයෙන් කවුරුන් හෝ යනවා නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක් බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 July 2024
මුදවන ලද රබර් කිරි - ෂීට් ගේන්න අවසර තාවකාලික ආනයන හා අපනයන යෝජනා ක්‍රමය යටතේ මුදවන ලද රබර් කිරි සහ රබර් ෂීට් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 July 2024
මුලතිව් වෙඩි තැබීමක් මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී අද (24) කිසියම් නාඳුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවට මුලතිව් පොලීසිය පවසයි. 24 July 2024
සෙනසුරු අද රෑ අතුරුදන් වෙනවා සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ලස්සනම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වෙයි. 24 July 2024
බඹරු වැසූ මඩිතියවල ප්‍රාථමිකයේ පන්ති තුනක් භාවනා මධ්‍යස්ථානයක බඹරු ඇවිස්සීමෙන් වසා දැමූ මඩිතියවල ප්‍රාථමික විදුහලේ එක, දෙක ,තුන ,ශ්‍රේණි අද ( 24 ) වත්තෙමුල්ල ශාසනෝදය භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට පියවර ගෙන තිබිණි. 24 July 2024
පොලිස්පති පත් කළේ වැරැදි පාරෙන් කතානායකවරයා යැවූ විකෘති ලියුමකට ජනාධිපතිවරයා පොලිස්පතිවරයා පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 24 July 2024
ග්‍රාම නිලධාරී අල්ලස් දැලේ පදිංචි සහතිකයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 40000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වෙලවීදිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවරයා මෝදර මහල් නිවාස සංකීර්ණයක පිහිටිග්රාම නිලධාරී කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 24 July 2024
නේපාල ගුවන් යානයක් අනතුරේ නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල දී කුඩා මගී ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. ඒ, යානය ගුවන්ගත වීමට සූදානම් වෙද්දීය. යානයේ සිටි සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. 24 July 2024
පළතුරු රජුට වලස්මුල්ලේ ගම් හතරක් දෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කලාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය. 24 July 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 July 2024
කටුනායක ඉංජිනේරු ඩිප්ලෝමාව උපාධියක් කරයි කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා,උපාධි පාඨමාලා තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 July 2024
සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාවෙි සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 24 July 2024
‘චන්දිපුර’ 36 ක් බිලිගනී ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ පැතිරෙන ‘චන්දිපුර’ වයිරසය හේතුවෙන් 36 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මියගිය එම 36 දෙනාගෙන් 15 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි. 24 July 2024
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 24 July 2024
ගෝලීය පරිසර පහසුකමින් ලංකාවට ඩොලර් මිලියන 1.23ක් දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා පිළියෙල කිරීම සඳහා ලැබෙන ඩොලර් මිලියන 1.23ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 24 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026