පරාටේ තහනම් නීතිය සම්මතයි ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (7) සංශෝධන රහිතව සම්මත කෙරිණ. 07 May 2024
‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘ මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුවේදී අද පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 07 May 2024
සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක් විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 07 May 2024
විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා අද (7) පස්වරුවේ පැවසීය. 07 May 2024
මහ බැංකුවට කෝටි සීයක පාඩුවක් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය. 07 May 2024
වෙල්ගමට මැතිසබෙන් මාස තුනක නිවාඩුවක් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කළේය. 07 May 2024
මෙරට නිල සංචිත ඩොලර් බිලියන පහ පනියි ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (07) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. 07 May 2024
ඇප වැඩි කළාට පෙරටුගාමීන් එරෙහි වෙයි මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් අද (7) බාරදුන්නේය. 07 May 2024
අපරාධ නඩු සංශෝධන පනතට කතානායක සහිතකය අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළේය. 07 May 2024
අනධ්‍යයන සේවක විරෝධයෙන් පුරහල වැසෙයි විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක් කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති. 07 May 2024
2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (07) නියෝග කළාය. 07 May 2024
ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 May 2024
මගියා බසයේදී මිය ගිහින් කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 07 May 2024
දොළොස්දාහක බිලටත් මන්ත්‍රී ජගත් කුමාරගේ ලයිට් කපලා කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 May 2024
පෙම්වතියගේ නිවසේ දී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය පසු අතුරුදන් වූ සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයාගේ සිරුර මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබී අද (07) සොයාගත් බව පොලිසිය පවසයි. 07 May 2024
කෙහෙලියගේ ඇප තීන්දුව කල් යයි බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටින තමන්ට ඇප ලබා දෙන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශ නොකිරීමට අභියාචනාධකරණ විනිසුරු පී.එච් සමරකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය. 07 May 2024
විමල් දුකින් තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි නමුත් ඊට ආරාධනා ලැබුණේ නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 May 2024
මෝදි ඡන්දය දමයි අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරාට ප්‍රාන්තයේ, අහ්මදාබාද් නුවර, රානිප් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළේය. 07 May 2024
අධ්‍යාපන ඩිජිටල්කරණයට චීන සහය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 May 2024
හෙදියන් තුන්දාහක් අලුතින් බඳවා ගනියි හෙදියන් තුන්දහසක් අලුතින් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 May 2024
විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරයක් ඉන්දීය සමාගමකට මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 May 2024
පක්ෂ නායක රැස්වීමක් කැඳවයි පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්,ඔවුන්ගේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 11.30ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා නිවෙිදනය කළේය. 07 May 2024
පී.එච්.අයි මරන්න ඔත්තු බලා රට පනින්න ගිහින් මාට්ටු ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතාට වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගනනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙනත් නමකින් ඩුබායි යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත. 07 May 2024
වතුර නැතිව නුවරඑළියේ ජනයා පීඩාවට නුවරඑළිය මහ නගර සභාවේ පාලන බල ප්‍රදේශයට අයත් ලවර්ස්ලීප් විනායකපුරම් හා නවගංගොඩ ප්‍රදේශයේ ජීවත්වන ජනතාව පසුගිය දින 21ක් පුරාවට බීමට , වැසිකිලි භාවිතය ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතාවන් වලට ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. 07 May 2024
ජාතික ගුරු සභාවට කැබිනට් අනුමැතිය අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමය භාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික ගුරු සභාවක් පිහිටුවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් යෝජනා කර ඇත. 07 May 2024
නව වෛද්‍ය ආඥා පනත පාර්ලිමේන්තුවට වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 07 May 2024
මන්නා රමේෂ් ඩුබායිවලින් කොළඹට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මිනීමැරුම් කීපයක් සදහා චෝදනා ලබා සිටින රමේෂ් ප්‍රියජනක නොහොත් ’’ මන්නා රමේෂ් ’’ නැමැති අය අද දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ හරහා රැගෙන පැමිණියහ . 07 May 2024
කුඩු එක්ක අසු වූ මාකොළ සුද්දා නිලධාරියා හප්පා පනින්න හදලා මියගිය පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන‘මාකොළ සුද්දා‘ නමැත්තා කෙරලවලපිටිය අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගැනීමට යාමේදී මෝටර් රථයෙන් පැන අධිවේගී මාර්ගයේ දිවගොස් ඇති අතර බලවත් පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කා ර් ය බළකාය පවසයි. 07 May 2024
වැස්ස වැඩිවන ලකුණු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තතමේන්තුව කියයි. 07 May 2024
වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති විරෝධීව මුද්‍රා තැබීමෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සිය තනතුරට අවැසි බලය ඉක්මවා කටයුතු කර ඇති බවට කැකිරාව මහේස්ත්‍රාත් ඩී. පී. එස්. එම්. කරුණාරත්න මහත්මිය තීන්දු කළාය. 06 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025