
(විමුක්ති එස් රුද්‍රිගු)
යුරෝපයේ සිටින බලවත්ම පුද්ගලයා ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි බවත් ලෝක ධනවතුන්ට යුරෝපය ගැන කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ පළමු තේරීම වන්නේද ඉතාලි අග්‍රාමත්‍යවරිය බවත් පොලිටිකෝ වෙබ් අඩවිය පවසයි.
යුරෝපයේ 2025 වසරේ බලවත්ම පුද්ගලයන් 28 දෙනා නම් කරමින් පොලිටිකෝ වෙබ් අඩවිය සිය නවතම ශ්‍රේණිගත කිරීම පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර එහි බලවත්ම පුද්ගලයාට හිමි කිරුළ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි හිමිව ඇත. "බ්‍රදර්ස් ඔෆ් ඉටලි" නායිකාව වන මෙලෝනි වසර 10 ක් වැනි කෙටි කාලයක් තුළදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය දක්වා සාර්ථක ගමනක් පැමිණි බවත් ඇය මේ වනවිට යුරෝපයේ පමණක් නොව ලෝකයේද බලවත් කාන්තාවක් වී අවසන් බවත් පොලිටිකෝ වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලින් හිමිව ඇති අතර දෙවන ස්ථානය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හිමිව ඇත. රුසියානු ජනාධිපතිවරයා දේශපාලනමය වශයෙන් දීර්ඝ ක්‍රීඩාවක් සෙල්ලම් කරන බවත් කෙසේ හෝ ඔහු තම අරමුණු ඉටුකර ගන්නා අයුරු පෙනෙන්නට තිබෙන බවත් පොලිටිකෝ වෙබ් අඩවිය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපයේම බලවතා ඉතාලි අගමැතිනියයි
Venrix Thursday, 12 December 2024 03:08 PM
මොහොමඩ් පූටින් කියන්නේ ඔලුව උමතු වෙච්චි කාලකණ්ණි ඒකාධිපතියෙක්...!
dilipa Thursday, 12 December 2024 05:00 PM
හොඳයි...