IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දික්වැල්ලගේ තහනම අවසන් වෙයි

(යොහාන් භාසුර)

මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ චෝදනාවට වරදකරුවීමෙන් වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඔහු ඉදිරිපත් කළ අභියාචනාවක් සළකා බැලීමෙන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මස පැනවූ වසර තුනක තහනම මාස තුනක් දක්වා අඩු කිරීමෙන් ඔහුගේ තහනම අවසන් විය.  

ඒ අනුව දික්වැල්ලට අද සිට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කළ හැකි අතර දික්වැල්ල අද ආරම්භ වන ශ්‍රී ලංකා ටී10 තරගාවලියේ සිට තරගවලට සහභාගි වීමට නියමිතය.

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල ‘කොකේන්’ මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බවට එම තරගාවලිය අතරතුරදී ගත් මුත්‍රා සම්පල් පරීක්‍ෂාවකින් සනාථ වී තිබුණි. 



අදහස් (10)

දික්වැල්ලගේ තහනම අවසන් වෙයි

වික්‍රම විදුර Wednesday, 11 December 2024 03:30 PM

ලංකාවෙ ක්‍රිකට් තහනම් කරත් ක්‍රිකට් බෝඩ් එක නැතිවුණත් මුන් ක්‍රිකට් ගහනවා..

:       6       19

Amal Wednesday, 11 December 2024 03:52 PM

කොහොම හරි කරලා ටෙස්ට් ටීම් එකටත් දාන්න. මෙන්ඩිස්ට තරගයක් දෙන්න කවුරු හරි ඉන්න ඕනෑ...

:       0       0

betty Wednesday, 11 December 2024 04:18 PM

මොවුන්ව ටීම් වලට ගන්න අයටයි, මොහුත් එක්ක එක ටීම් එකේ සෙල්ලම් කරන අයටයි, මෙයා ගහන මැච් බලන අයටයි තමා ගහන්න ඕනේ...!

:       0       0

සිදත් Wednesday, 11 December 2024 04:30 PM

මදෑ, අපිත් අලුත් ඇමැති ඇවිත් ක්‍රිකට් හදනකල් හිටියා.

:       0       0

Don Wednesday, 11 December 2024 05:16 PM

මෙයාට කොහොමද කොකේන් ලැබුණේ? ඒ කෙනාට කොහොමද ලැබුණේ? ඊළඟ කෙනාට කොහොමද ලැබුණේ කියලා පෝලිමට හොයාගෙන මුලට යන්න බැරි පොලිසියක්ද ලංකාවේ තියෙන්නේ..?

:       0       0

Don Wednesday, 11 December 2024 05:18 PM

මරු. හොඳට හොයලා බලලා අවුරුදු 3ක තහනමක් දානවා. ඊට පස්සේ මාස 3න් ඒක ඉවත් කරනවා.

:       0       0

Lalla Wednesday, 11 December 2024 05:32 PM

මත් ලෝලියෙක් රටක් නියෝජනය කිරීමට දැමීම නිග්‍රහයට කරුණක් නොවේද?

:       0       0

fairoos Wednesday, 11 December 2024 06:32 PM

එතකොට මුත්‍රවලට කොකේන් මිශ්‍රවුණේ කොහොමද?

:       0       0

sam Thursday, 12 December 2024 05:59 AM

කොහොම කළත් දැන් දික්වැල්ල කොකේන් කාරයෙක් කියලා ප්‍රසිද්ධයි.

:       0       0

Nimal Thursday, 12 December 2024 10:12 AM

මු තමයි දවසකටත් මිනිහා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site