අලුත් අවුරුදු සතුට බල්ලට දාලා
දකුණු පළාතේ වෙරළ බඩ වූ ග්රාමීය බැංකුවකි. උදා වූ නව වසර සඳහා තමාටත් දරුවන්ටත් මුදලක් තැන්පත් කිරීමට ආ කාන්තාවක් දෙස බැලූ කළමනාකාරිණිය පුදුමයට පත්වුවාය. ඒ ඇය වසර තුනකට පමණ පෙර මෙම බැංකුවට පැමිණ ණය මුදලක් ලබාගෙන එහි වාරිකය නොගෙවීම ගැන ආරවුලක් ඇති කරගෙන පසුව පැමිණ මුළු මුදලම ගෙවා ‘තවත් මේ බැංකුවේ පස් නොපාගන’ බව පවසමින් කෝපයෙන් ආපසු ගොස් තිබු නිසාය.