බස්නාහිර පළාතේ සමාජ සේවා ආයතනයකට සම්බන්ධ මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා සේවයට යන ගමන් තම දරුවා ද රැගෙන පාසලට ගොස් ඔහු එහි නවතා කාර්යාලයට ගියත් බිරිඳගෙන් හදිසි දුරකතන ඇමතුමක් ලැබුණේ යළි දරුවා රැගෙන නිවෙසට එන ලෙසටය.

කලබල වූ ඔහු සිය කාර්යාල බෑගය ද රැගෙන කාර්යාලයෙන් පිටවී මඳ දුරක් යනවිට ආරක්‍ෂිත මුරපොළකින් ඔහු නවතා බෑගය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව එහි සිටි පොලිස් නිලධාරියා කීය.
මඳ සිනාවක් පෑ ඔහු “මේකෙ මගේ ෆයිල් ටිකක් තියෙනවා එච්චරයි” කීවත් බෑගය පරීක්‍ෂා කළ නිලධාරියාට මඳ සිනාවක් නැගිණ.
“ෆයිල් මුකුත් නෑ. බේබි සූට් ටිකකුයි, සූප්පුවකුයි නම් තියෙනවා” ඔහු කීය.
මවිතයට පත්වූ කන්තෝරු මහත්තයා බෑගයේ පිටත බැලීය. ඔහුට තරු පෙණුනි. කලබලයෙන් තමා ගෙනැවිත් ඇත්තේ කාර්යාලයේ වෙනත් කෙනකුගේ බෑගයක් බව වටහාගත් ඔහු එක පිම්මේම ආපසු කාර්යාලයට දිව ගියාලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හිනා යන්නේ නෑ...