IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට කොන්ත්‍රාත්කරුවාට තරු පෙනිලා

(වියලුව වාර්තාකරු)
රජයේ ආයතනයක අබලන් වූ ජල ටැංකියක් අලුත්වැඩියාව සඳහා පැමිණ අධික මුදලක් වැය වන බවට ඇස්තමේන්තුවක් සැකසූ පෙදරේරුවකුට එම ආයතනයේ ප්‍රධානියා විසින් බදාම තාච්චි හත අටක් සහ මේසන් හැන්දක් රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටි බව කියැවෙන පුවතක් වාර්තා විය.


සිද්ධිය මෙසේය.  


ගම්බද ප්‍රදේශයකට වන්නට පිහිටි රජයේ ආයතනයකි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ රජයේ විශේෂ උපාධියක් ලැබූ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි.


රජයේ ඉහළ තනතුරක් දැරුවද කිසි දිනකත් ගම මෙන්ම ගමේකම අමතක නොකළ හෙතෙම රජයේ මුදල් හා දේපළවල ආරක්ෂාව සම්බන්ධයෙන් දැක්වූයේ දැඩි ඇල්මකි.


ආයතනයේ අබලන් ජල ටැංකියකින් නිතර ජලය කාන්දුවෙනු දුටු හෙතෙම ඒ  පිළිබඳ තම ඉහළ පරිපාලන ආයතනයට දැනුම්දෙනු ලැබුවේ ජල ටැංකියට ඉක්මනින්  පිළියමක් නොයෙදුවහොත් එය තවදුරටත් විනාශ වී ආයතනය තුළ ජල හිඟයක් ඇති වන බවට ලිඛිත දැනුම්දීමක් ද කරමිනි.


 දින කීපයක් ගතවෙද්දී ආයතනය වෙත පැමිණි කොන්ත්‍රාත්කරුවකු සහ පෙදරේරුවෙකු අදාළ ජල ටැංකිය පරික්ෂා කර එය  අලුත්වැඩියා කිරීම සඳහා වැයවන මුදල මෙන් විසි තිස් ගුණයක  ඇස්තමේන්තුවක් ආයතන ප්‍රධානියා අත තැබුවේ ප්‍රධානියාගේ නළල රැලි ගන්වමිනි.


  සුළු අලුත්වැඩියාවක් සඳහා රජයේ මුදල් මේ අයුරින් වැය කිරීමට කිසිසේත් අකමැති වූ හෙතෙම කොන්ත්‍රාත්කරුවාත් පෙදරේරුවාත් පසෙකට කැඳවා ‘පුළුවන් නම් මට බදාම තාච්චි දෙකක් සහ මේසන් හැන්දක් ගෙනවිත් දෙන්නැ’ යි ඉල්ලීමක් කළේ තමුන්ද ගමේ හොඳ පෙදරේරුවෙකුගේ දරුවෙකු බව ඔවුන්ට පවසමිනි.


  තමුන් උසස් පෙළ හදාරන අවධියේ දී පෙදරේරුවකු වූ තම පියා සමග නිවෙස්වල ඉදිකිරීම් කටයුතු සඳහා ගොස් අත් වැඩ සැපයූ බව ද තමුන්ට පෙදරේරුවාගේ කාර්යභාරය නිසි අයුරින් සිදු කළ හැකි බව ද ආයතන  ප්‍රධානියා කියා සිටියේ ආයතනයේ සෙසු සේවක පිරිසද විමතියට පත් කරමිනි.


ආයතන ප්‍රධානියාගේ දීර්ඝ කතාවට සවන් දුන් කොන්ත්‍රාත්කරුවාත් පෙදරේරුවාත් ආයතනයෙන් පිටව ගොස් ඇත්තේ “මේ මිනිහා ඉන්නකං නම් කවදාවත් වැඩක් කරන්නට බැරි වෙයි” යනුවෙන් එහි සිටි සේවකයෙකුට ද පවසමිනි.

 



අදහස් (3)

ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමට කොන්ත්‍රාත්කරුවාට තරු පෙනිලා

ravi gamage Monday, 27 May 2019 09:15 AM

අන්න මිනිස්සු!. මේ වගේ අය රටේ නායකත්වයට පත් වෙනවා නම් කෙතරම් අගනේද

:       57       480

vernon Monday, 27 May 2019 02:42 PM

මේ කතාව ලියලා තියෙන්නේ ආයතන ප්‍රධානියාගෙන් අහගෙනද? එයා ඇත්තටම පෙදරේරු වැඩ දන්නවා නම් ඕක පොඩි වැඩක් කියලත් දන්නවා නම් ඇයි ඉහළට ලියුම් ගහමින් ඉන්නේ? ඔය වගේ එක ආයතන ප්‍රධානියෙක් හිටියා කාමරේ පින්තූරයක් එල්ලන්න ඉනිමඟ අරන් දෙන්නෙක් ආවම, ඕකට එක්කෙනෙක් ඇති කියල කියලා, අන්තිමට බාස්ට පහළ ඉඳන් ගෝල වැඩේ කරන්න වෙලා...

:       352       227

M A P Hemachandra Saturday, 01 June 2019 01:59 AM

වැඩිකල් මෙයාට එතන ඉන්ට දෙන එකක් නැහැ එතන ඉන්න හොරැ කැල. මම මෙය කියන්නේ අත්දැකීම් ඇතුව.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site