(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
ඇඳිරිය දා රාත්‍රියේ පැමිණි අනියම් සැමියා තම සැමියාට හසුවීමෙන් ඔහු ත්‍රස්තවාදියෙකු බව සැමියාට කියා කාන්තාවක ඇඟ බේරාගත් පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.
මෙදින රාත්‍රියේ සැමියා නිවසේ රැඳී සිටිය ද බිරියගේ අනියම් සැමියා නිවස පිටුපසට සුපුරුදු ලෙස පැමිණ සිටියේ සැමියා රැකියාවට යන්නට ඇතැයි සිතාගෙනය. බිරිය ද සැමියාට නොඇසෙන සේ නිවසේ පිටුපසින් දොර හැර එළියට බැස ඇත.
එහෙත් අඩනින්දේ සිටි සැමියාට මේ බව ඇසී, නැගිට ගොස් එළියට බැස්සේලු. එයින් කලබලයට පත් බිරිඳ ‘බුදු අම්මෝ ත්‍රස්තවාදියෙක්, තුවක්කුවකුත් අතේ තිබුණා’ කියමින් කෑගසමින් ඇද වැටුනේලු. බිරිය ද වත්තම් කරගත් සැමියා ගෙට වැදී දොරගුලු ලා ගත්තේ මේ දිනවල ප්‍රචාරය වන කටකතාවල ද එවැනි ත්‍රස්තවාදීන් ගැන කියවුනු නිසාය.
බියට පත්වූ සැමියා බිරිය ද අස්වසමින් රැය පහන් කළේ හෙට දින ගම පුරා මෙය ප්‍රචාරය කරන අටියෙනි. පසුදිනට පහන් වූ පසුව සැමියා ත්‍රස්තවාදියා සිටි තැනට ගොස් බැලීය. එම ස්ථානයේ ත්‍රස්තවාදියාගේ පාවහන් දෙක ද සිගරැට් කොටයක් ද බිරියගේ පා සලකුණු ද තිබෙනු දුටු සැමියා අන්ද මන්ද වූයේලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd