IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නිර්දෝෂි බව තහවුරු කරන්න පොලිස් රාලහාමිට සරම ගලවා පෙන්වලා

(පොලොන්නරුව - ක.ග. කරුණාරත්න) 
තමන් නොකළ වරදක් වෙනුවෙන් පොලිස් රාලහාමි කෙනෙකු නඩුවක් පැවැරීමට සූදානම් වූ අවස්ථාවේ තම නිරවද්‍යතාව ඔප්පු කිරීම සඳහා ඇඳ සිටි සරම ලිහා පොලිස් රාලහාමිට පෙන්වීමට  රියැදුරෙකුට සිදුවූ අපූරු පුවතක් පොලොන්නරුව පෙදෙසින් ඇසුණි. 


සිද්ධිය සැකෙවින් මෙසේය. 


තම කුඹුරේ ට්‍රැක්ටරයෙන් සී සාමින් සිටි තරුණ ගොවියාට එය හිටි අඩියේ නතර වුණේ මන්දැයි සොයා බැලූ විට දැක ගන්නට ලැබුණේ ටැංකියේ ඉන්ධන (ඩීසල්) අවසන්වී ඇති බවය. ඔහු වහාම කළේ තමන් සතු කුඩා ලොරියේ ඉන්ධන ගෙන ඒම සඳහා බැරලයක්ද පටවාගෙන නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට යාමයි. 


කිලෝමීටර් 15ක් පමණ දුර ගෙවා ගොස් පිරවුම් හලකින් බැරලයට ඉන්ධනද පුරවාගෙන මුදල් ගෙවා ආපසු එන්නට ලැබුණේ මීටර් කිහිපයක් පමණි. හතරමං හන්දියේ රථවාහන රාජකාරියේ යෙදී සිටි රාලහාමි කෙනෙකු ලොරිය නතර කරන ලෙසට අතින් සංඥාවක් දුන්නේය. මාර්ගය අසල ලොරිය නවතා රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය ආදී තමන් සතු දෑ රැගෙන පොලිස් රාලහාමි වෙත ගිය විට ඔහුගෙන් ඉල්ලා ඇත්තේ රියැදුරු බලපත්‍රය පමණි. 


එය දෙපැත්ත පෙරළා බලා තමන් සතු පොලිස් පොතේ නඩුවක් පැවැරීම සඳහා විස්තර ලියා ගන්නට සූදානම්වී ඇත. එවිට රියැදුරා පොලිස් රාලහාමිගෙන් විමසා ඇත්තේ මොකක්ද මහත්තයා මම කරපු වරද කියාය. 
වරද? ඇයි ෆෝන් එකක් කනේ ගහගෙන ආවේ යනුවෙන් පොලිස් රාලහාමිගෙන් පෙරළා පිළිතුරු ලැබිණි. 


මහත්තයා මගේ ළඟ ෆෝන් එකක් ඇත්තෙත් නෑ. මම ෆෝන් එකක් ගෙනාවෙත් නෑ. එහෙම තිබුණොත් ඕනෑම දඬුවමකට මම යටත් වෙනවා යනුවෙන් රියාදුරා පැවැසූ විට හා හොඳයි යමු බලන්න කියා ලොරිය වෙත පැමිණ එහි ඇතුළත හොඳින් පරීක්ෂා කර තිබේ. එසේ වුවද එහි තිබී ජංගම දුරකතනයක් සොයා ගැනීමට පොලිස් නිලධාරියාට නොහැකිවූ විට එහෙනම් තමුසේගේ ඉනේ තිබෙනවා නේදැයි අසා ඇත. 


ඉනේ ජංගම දුරකතනයක් නැතැයි කීවද පිළි නොගත් පොලිස් රාලහාමි එහෙම නම් සරම ලිහලා පෙන්වනවා යැයි කියූ විට තරමක් ලැජ්ජාවෙන් වුවද සරමද ලිහා පෙන්වා තිබේ. 


ඉන් අනතුරුව යටට මොකුත් ඇඳලාද  ඉන්නේ කියාත් විමසූ විට අනේ නෑ රාලහාමි මම මේ කුඹුරේ හිටපු ගමන් මඩ පිටින්ම මේ ආවේ කියා රාලහාමි දමන්නට ගිය අවනඩුවෙන් බේරී එන්නට හැකිවී ඇතැත් ආපසු එනවිට පොලිස් රාලහාමි රියදුරාට කියා ඇත්තේ හොඳයි අපි කොහේදි හරි හම්බවෙයිනේ කියාය.



අදහස් (1)

නිර්දෝෂි බව තහවුරු කරන්න පොලිස් රාලහාමිට සරම ගලවා පෙන්වලා

janahitha Friday, 24 May 2019 03:25 PM

කොහොම වුනත් මේ මනුස්සයා එයාට අපායේදී නම් හමු වෙන එකක් නැහැ. මොකද නිලධාරියා අපායට ගියත් ගොවියා නම් අපාගත වෙන්නේ නැහැ සාධාරණ විදිහට ජීවත් වෙන නිසා...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site