IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විවාහක කතකට මුහුණු පොතෙන් ගිය ආත්මයේ සොයුරා හමුවෙලා

(අම්බලන්තොට සනත් ගමගේ)

මුහුණුපොත මගින් දැන හඳුනගත් පුද්ගලයෙකු සැමියාගේ ද අනුදැනුම මත බිරිඳ සිය නිවසට ගෙන්වා ගෙන සිටිය දී නාඳුනන පුද්ගලයා ගැන අහල පහළ අයට සැක සිතී

පොලිසියට දැනුම් දීමෙන් පසු පේස් බුක් මිතුරා සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. පහත හේවාහැට ප්‍රදේශයේ පුද්ගලයකු සමග අම්බලන්තොට ලෝරන්ස්වත්ත පදිංචි විවාහක කාන්තාවක මුහුණුපොත මගින් දැන හඳුනාගෙන එම පුද්ගලයා පෙර ආත්මයේ තමාගේ සහෝදරයකු බව පවසා සැමියාට ද මේ බව දැනුම් දී නිවසට ගෙන්වා ගෙන ඇති බව පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබේ. මෙම නාඳුනන පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු අම්බලන්තොට පොලිසියේ නිලධාරින් නිවසට ගොස් සැකකාර පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා පෙර ආත්මයේ තමාගේ සහෝදරයකු බව දේවාලයකින් පවසා ඇති බව කාන්තාව පොලිසියට පවසා ඇත. මෙම සැකකාර පුද්ගලයාට තැඹිලි ගෙඩියක වතුර පෙවීමට මෙම කාන්තාව උත්සාහයක් ගෙන ඇතත් එය ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව ද පොලිසිය කියයි. මෙම පුද්ගලයා ද විවාහක අයකු වන අතර කාන්තාවගේ ස්වාමිපුරුෂයා ත්‍රිරෝද රථ රියැදුරෙකු බව ද මෙම සැකකාර පුද්ගලයා නිවසට පැමිණි පළමු දිනයේ දීම මෙලෙස අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරික්ෂණ සිදුකරයි.



අදහස් (2)

විවාහක කතකට මුහුණු පොතෙන් ගිය ආත්මයේ සොයුරා හමුවෙලා

sudda Friday, 07 June 2019 09:39 AM

දැන් බැලුවම ඒ මිනිහටනේ අතවරේ වෙන්න ගිහින් තියෙන්නේ ඕන නැති ගමන් ගිහින්. තැඹිලි වතුර පොවන්න ගියාම තමයි තරු පෙනෙන්න ඇත්තේ.

:       1       8

himal Friday, 07 June 2019 03:43 PM

තුන්දෙනාගේම කැමැත්තෙන් නම් මුණගැහිලා තියෙන්නේ, අල්ලපු ගෙදර මනුස්සයට තියෙන ප්‍රශ්නේ මොකක්ද? පොලිසිය මොන චෝදනාව යටතේද ගෙවල් වලට පැනලා අත්අඩංගුවට ගන්නේ?

:       72       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site