රටේ පැවැති උණුසුම්කාරී තත්ත්වය මැද සෙනඟ පිරුණ බස් රථයක තරුණ යුවළකගේ අනඟ රැඟුම් දැක උද්දාමයට පත් වූ බස් කොන්දොස්තරවරයෙකු මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්රික්කයේ ප්රධාන මාර්ගයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.

මෙදින බස් රථය මගීන්ගෙන් පිරී තිබුණි. පසුපස අසුනේ වාඩිවී සිටි තරුණ යුවළ ආදර බස් දොඩමින් මහත් පෙමින් වෙලී අනඟ රැඟුම්වල යෙදෙමින් සිට ඇති අතර කොන්දොස්තරවරයා ද මෙය දැකුමෙන් මහත් උද්දාමයට පත්ව සිටියේය.
කොන්දොස්තරවරයා ඇසිපිය නොහෙලා එදෙස බලාගෙනම සිටියේ මහත් උනන්දුවෙන් සහ දැඩි කැමැත්තෙනි. ඔහුට තමා සිටින තැනද, තමා කරන කටයුත්තද අමතකව යන්නට වැඩි වෙලාවක් ගත වූයේ ද නැත. කොන්දොස්තරවරයා වෙනම ලෝකයකය. මගහු අතර මගදී නැගීම ද, බැසීම ද සිදු කළහ. ඔවුන්ගෙන් මුදල් අයකර ගැනීමක් ද සිදුනොවීම මගීන්ට ද සතුටකි.
ඇතැම් මගීහු කොන්දොස්තර දෙසට මුදල් දිගු කරති. එහෙත් ඔහුට ඒ ගැන නිනව්වක් නැත. ඔහුගේ නිහඬතාව තේරුම් ගත් මගීන් සිනාසෙමින් බැස ගියේ මුදල් ද සාක්කුවේ දමා ගනිමිනි.
කිලෝ මීටර් 15ක් පමණ ගිය තරුණ යුවළ කඩිමුඩියේම බසයේ සීනුව නාදකර ලැඟුම්හලක් අසලින් බැස ගත්හ. ඒ සැනින් පියවි ලොවට පිවිසි බස් කොන්දොස්තරට තම රාජකාරිය සිහියට නැගුණි.
“මගින් නැගපු අය සල්ලි ගන්න... සල්ලි ගන්න” කොන්දොස්තර කෑ ගසන්නට වූයේය. නින්දෙන් අවදි වූවකු සේ කීපවරක් කෑ ගසන කොන්දොස්තර අමතා අසල සිටි මගියෙකු මෙසේ කීවේය.
“නැගපු අය බැහැලා ගියානෙ මල්ලි. දැන් ඉතින් මොනවා කරන්න ද, දැන් ඉඳන් නගින අයගෙන්වත් සල්ලි ගන්න. නැත්නම් රස්සාවත් නැතිවෙයි.”
ලැජ්ජාවෙන් මුහුණ රතු කරගත් කොන්දොස්තර සිදු වූ දෙයින් අන්ද මන්දව බිම බලා ගත්තේ, බසයේ සිටි සෙසු මගීන්ගේ ද මුවඟට සිනා නංවමිනි.
(නිකවැරටිය-ප්රියානි මංගලිකා)
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසයේ අනඟ රැඟුමට කොන්දොස්තර මත්වෙලා