(ගිලීමලේ - අමරදාස අංගම්මන)
ගැණුම්කරුවන්ට විකිණීම සඳහා සකස් කරමින් සිටි ගංජා මිටි කීපයක් පොලිස් නිලධාරියකු එනු දැක ගිල දැමූ කාන්තාවක පිළිබඳ අපූරු සිදුවීමක් රත්නපුරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.

වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය. පසුගිය දිනෙක මෙම කාන්තාව ගංජා විකුණන බවට දිගින් දිගටම පොලිසිය වෙත තොරතුරු ගලාඑන්නට වූයෙන් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇයගේ නිවස සෝදිසියට ලක් කර ගංජා ඇත්නම් ඒවාද සමඟ ඇය අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන ලෙස පවසා පොලිස් නිලධාරියකු හා පොලිස් නිලධාරිනියක එහි පිටත් කර යැවීය.
එම අවස්ථාවේ පේර ගෙඩියක රස බලමින් ගංජා පැකට් සකස් කරමින් සිටි එම කාන්තාව මුලින් එනු දුටු පොලිස් නිලධාරියා දැක පැකට් කළ ගංජා මිටි ටික හා පේර ගෙඩියක ද රැගෙන වහා ගේ ඇතුළට දිව ගියාය. කර කියා ගත නොහැකි වූ ඇය එක්වරම ගංජා මිටි කීපය කටට දමා හොඳ හැටි සපා කා ගිල දැම්මාය.
පොලිස් නිලධාරියා පසු පසින් පොලිස් නිලධාරිනියක් පැමිණීමෙන් තම සිරුර ද පරීක්ෂාවට ලක් කරන බැවින් ගංජා මිටි තම යට ඇඳුම තුළ සඟවා ගැනීම භයානක බැව් අවබෝධ වූ ඇය ඒවා ගිල දැමීමට තීරණය කළාය.
තමන් දෙසට එනු දුටු කාන්තාව අතේ කිසිවක් ගුලි කර ගෙන නිවස ඇතුළට දිව යන අයුරු පොලිස් නිලධාරීන්ගේ උකුසු ඇසට ඒ වනවිටත් හසු වී තිබුණි.
‘මොකද තමුන් අපි එනවා දැකලා ගේ ඇතුළට දිව්වේ. මොනවද ඔය කටේ දාගෙන ගිලින්නේ. ගංජා නේද අපි එනවා දැකලා බේරෙන්න ඕන නිසා ගිල දැම්මා නේදැයි’ පොලිස් නිලධාරියා ගෝරනාඩු කළේ.
‘අනේ නෑ සර්’ ඇය පිළිතුරු දුන්නාය.
‘එහෙනම් මොනවද ඔය අතේ ගුලි කරගෙන ඉන්නේ. කෝ පෙන්වනවා බලන්න තමුසෙ පිටිපස්සට හරවාගෙන ඉන්න අත’.
පොලිස් නිලධාරියා කාන්තාවට එසේ කීවේ සැක හැර ගන්නටය.
‘සර් මගේ අතේ තියෙන්නේ පේර ගෙඩියක්. සර්ලා එද්දී මේ පේර ගෙඩිය කකා තමයි මං ඇතුළට ගියේ. සර්ලට අවිශ්වාස නම් ඕනෑම තැනක් සෝදිසි කරලා බලන්ඩ’. ඇය කීවාය.
කාන්තාව පොලිසියට දාපු ගැටය පිළිබඳව මෙනෙහි කරමින් පොලිස් නිලධාරීහු ආපසු ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රේගුව කරනවා වගේ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරේ නැත්තේ ඇයි?
මත්ද්‍රව්‍ය සමග පොලිසියට හසුවෙන.. හැම කෙනෙක්ම "පොලිසිය ඉදිරියේ ඒ මත්ද්‍රව්‍ය ගිලිනවා නම්" ඒක අපේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට ලැබිය යුතු හොඳම පිළිතුරයි..! සමහර රටවල්වල.. මත්ද්‍රව්‍ය සමග පොලිසියට හසුවෙන පුද්ගලයින්ට.. එයාගෙම මත්ද්‍රව්‍ය ගිල්ලවනවා.. ඒ විතරක් නොවෙයි.. ගුටිබැටත් දෙනවයි කියලා අපි අහලා තියනවා.
ගංජා කීවම පරීක්ෂණයකට ලක් කරන්නේ කොහොමද?