IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාසිකුඩා වෙරළේ තිබී හමුවූ රන් අබරණ අයිතිකරුවන්ටම පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සද්ක්‍රියාවක්

පාසිකුඩා වෙරළ තීරයේ වැටී තිබී හමුවූ රුපියල් ලක්ෂ 03කට වැඩි වටිනාකමකින් යුතු පවුම් 06ක පමණ රන් ආභරණ කිපයක් එහි හිමිකරු වෙත බාරදීමට පාසිකුඩා පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීහු පිරිසක් කටයුතු කළහ.


පාසිකුඩා පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උ.පො.ප. ෆාහිම්, පොලිස් කොස්තාපල්වරුන් වන සම්පත් (2807), ජීවකුමාර (73596), ජේ. රූබන් (73608) යන නිලධාරීහු පාසිකුඩා වෙරළ තීරයේ වැටී තිබූ රන් මුද්දක්, රන් අත් පළඳනාවක් (බේස්ලට්), රන් මාල 03ක් මෙලෙස ඒවායේ හිමිකරු වන කල්මුනේ, බාලිකා වීදී, 191 ලිපිනයේ පදිංචි ආර්. විජී යන අය වෙත භාර දීමට කටයුතු කළහ.


උත්සව සමයේ දෛනිකව විශාල පිරිසක් දිය නෑම සඳහා පාසිකුඩා වෙරළ තීරය වෙත පැමිණෙන අතර, එසේ පැමිණි කල්මුනේ, ආර්. වීජී ඇතුළු පිරිස සිය රන් ආභරණ ගලවා ලේන්සුවක ගැට ගසා තම ඇඳුමක සාක්කුවක දමා වෙරළේ දිය නා ඇත. සාක්කුවේ තිබූ ලේන්සුව සාක්කුවෙන් පිටතට වැටී වෙරළේ තිබිය දී පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන්ට හමුවී ඇති අතර, එම අවංක නිලධාරීන් ඒ අවස්ථාවේ වෙරළ තීරයේ රැඳී සිටි පිරිස අමතා වැටී තිබූ රන් ආභරණවල අනන්‍යතාව  ඔප්පු කර රන් ආභරණ ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.


ඒ අනුව කල්මුනේ, බාලිකා වීදී, 191 ලිපිනයේ පදිංචි ආර්. විජී යන අය පැමිණ තම රන් ආභරණවල අනන්‍යතාව ඔප්පු කර ඒවා ලබාගෙන ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට ස්තූතිය පුද කර ගියහ.
(ගල්නෑව සේනක  බණ්ඩාර)



අදහස් (0)

පාසිකුඩා වෙරළේ තිබී හමුවූ රන් අබරණ අයිතිකරුවන්ටම පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ සද්ක්‍රියාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site