(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මහ පාරේ මගීන් රස්තියාදු කළ මගී ප්‍රවාහන බස් රථ රියැදුරකුට එල්ලවූ මගීන්ගේ දැඩි විරෝධය හමුවේ කොන්දොස්තර මහතා මග දමා බස් රථය ගමනාන්තය දක්වා ගෙනගිය අපූරු පුවතක් පෙරේදා (11) පෙරවරුවේදී දකුණෙන් වාර්තා විය.
එය කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි. ගාලු පාර දිගේ කොළඹ සිට වාද්දුව දක්වා පැමිණි එම බස්රථය වාද්දුව පොලිස් ස්ථානය ඉදිරිපිට පාර අයිනේ නතර වූයේ මාර්ග නීති රීති කඩකිරීම වෙනුවෙන් වාද්දුව පොලිසිය විසින් මීට පෙර දිනක එම බස් රථයේ රියැදුරට ගසන ලද දඩ මුදලකට අදාළ ලදු පත ලබාදීමටය. එය පොලිසියට ගෙන ගියේ බස් රථයේ කොන්දොස්තරවරයා විසින්ය.
මේ සඳහා ඔහුට විනාඩි විස්සක පමණ කාලයක් ගතවිය. එතෙක් එම බස් රථයේ පැමිණි මගීන්ට මහමග රස්තියාදුවීමට සිදුවිය. යළිත් බස් රථය ධාවනය විය. බස් රථය කොස්ගොඩට ළඟා වූ පසුද කොස්ගොඩ පොලිසිය ඉදිරිපිට නතර කෙරිණ. බස් රථයේ කොන්දොස්තර කොස්ගොඩ පොලිසියට දිව ගියේය. ඔහු එසේ දිවගොස් විනාඩි දහයක් පහළවක් ගත විය. කොන්දොස්තර එන පාටක් නොදුටු එම බස් රථයෙන් යාපනයේ සිට නිවාඩු පැමිණෙන හමුදා සෙබළෙක් තමන් මහමග මෙසේ රස්තියාදු කිරීම පිළිබඳව බස් රථයේ රියැදුරාට දෝෂාරෝපණය කළේය. එයින් දිරිමත්වූ මගීන්ද බස් රථය ධාවනය කරන ලෙසට රියැදුරාට බලකළ හෙයින් තමන්ට වෙන්න යන ඉරණම ඉවෙන්මෙන් වටහාගත් රියැදුරා බස් රථය පණගන්වා එය ගාල්ල දක්වා ධාවනය කළේ සිය සගයාවූ කොන්දොස්තරද කොස්ගොඩ පොලිසියේ සිටියදීමය. පසුව කොන්දොස්තර වෙනත් බස් රථයක නැගී ගාල්ලට පැමිණ සිය බස්රථයට ගොඩ වූ බවද වාර්තා විය.
2025 ඔක්තෝබර් මස 08
1703
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රියැදුරුගේ පරිප්පුව කොන්දොස්තර කාලා
දිමුත් Wednesday, 15 May 2019 04:05 AM
වචනයේ අර්ථයෙන්ම 'කාලකණ්ණි' කියන්නේ ඔය කොන්දොස්තර වගේ මිනිස්සුන්ට තමයි.