දකුණු පළාතේ එක්තරා ප්‍රසිද්ධ ග්‍රාමීය මුල්‍ය සමාගමක් සංවිධානය කළ අවුරුදු උළෙලක සැඟවුණු අමුත්තා තරගයක දී අපූරු සිද්ධියක් සිදුවිය.

අවුරුදු තරග සඳහා සහභාගීවීම සමිති සාමාජිකයන්ට පමණක් සීමාකර තිබිණ. ශාඛා සමිති හතකින් සමන්විත මව් සමාගමේ අනුග්‍රහයෙන් පැවැති අවුරුදු උත්සවයේ තරග සංවිධාන කිරීම හා ලබාදෙන ත්‍යාග තීරණය කිරීමේ කටයුතු එක් ශාඛා සමිතියකට පවරා තිබිණ.
අවුරුදු තරග අතරින් රහසිගත තරගයක් වූ සැඟවුනු අමුත්තා සෙවීමේ තරගයේ තොරතුරු රහසිගතව සිදුවිය යුතු බැවින් එහි වගකීම සමිතියේ භාණ්ඩාගාරිකතුමියට බාරදීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.
අවුරුදු උත්සවයේ වැඩි පිරිසක් ඉදිරිපත්ව තිබුණේ සැඟවුණු අමුත්තා සෙවීමේ තරගයට බැවින් එහි දැඩි තරගකාරී බවක් දක්නට ලැබිණි.
සවස හතර පමණ වන විට තරගකරුවන් උත්සවයේ සිටි සියලුම දෙනාට තට්ටුකර තිබුණ ද සැඟවුණු අමුත්තා සොයා ගැනීමට නොහැකි වීම නිසා බොහෝ දෙනා තරගය අතහැර තිබිණි.
ත්‍යාග ප්‍රදානය කරන අතරේ එම ස්ථානයට පැමිණි භාණ්ඩාගාරිකතුමියගේ බෑණාගේ පිටට භාණ්ඩාගාරිකවරියගේ දුව තට්ටුකර එම තරගයේ ත්‍යාගය ලබා ගත්තාය.
සැඟවුණු අමුත්තා තරගයේ අනෙකුත් තරගකරුවන්ට දෙවියන් සිහිවූයේ එවිටය.
(ඌරගස්මංහන්දිය - බී.ජී. අමරසිංහ)
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සැඟවුණු අමුත්තා සැඟවී දෙවියන් සිහිවෙලා