සිංහල අලුත් අවුරුද්දට තෑගි බෝග අරන් නෑ හිත මිතුරන් බැලීමට යාම කොයි කවුරුත් චාරිත්‍රයක් විදියට කරනවා. විහිළුකාරයකුවන සුගතපාලගේ ගෙදරටත් වටපිටාවෙ හැම ගෙදරකින්ම වගේ ඇවිත් තිබුණත් ඔවුන්ට ඒ ගෙවල්වලට යන්න තරමක් ප්‍රමාද වුණා.

මේ අවුරුද්දේ කිසිම ගෙදරකට තාම ගොඩ වෙන්න බැරි වුණ නිසා දැන්වත් ගිහින් එන්න යමු ද?” කියලා සුගතපාලගෙ හාමිනේ කීවා.
ගෙවල්වලින් ගෙනා සීනි, බිස්කට්, කේක් සහිත පාර්සල් රැසක් තිබුණත් කොයි ගෙදරින් කොයි පාර්සලය ද ගෙනාවෙ කියලා තෝරා බේරා ගන්න ඔවුන්ට අමාරු වුණා. කිසියම් ගෙදරකට ඒ ගෙදරින් ගෙනා පාර්සලයම ගිහින් දුන්නොත් වස ලැජ්ජාවක් තමයි වෙන්නෙ. මේකට මොකක්ද කරන්න පුළුවන් කියලා හාමිනේ සුගතපාලගෙන් ඇහුවා.
කිසි කතාවක් නැතිව ගෙදරට හම්බවෙලා තිබුණ සීනි කේක් බිස්කට් සහිත පාර්සල් ටික ලොකු බෑග් එකකට දාලා කර තියාගෙන හාමිනෙත් එක්ක අල්ලපු ගෙදරට ගිය සුගතපාල, කරේ තියන් ගිය බෑග් එක බිමින් තියලා, “අනේ නංගියේ උඹලගෙ ගෙදරින් ගෙනාවෙ නැති ඕන පාර්සලයක් මේකෙන් තෝර ගනින්” කියලා කිව්වලු.
(කඹුරුපිටිය - ප්‍රීති ජයවර්ධන)
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුදු තෑගි වටේම ගිහින් ගෙටම එනවට අලුත් සූත්තරයක්