මඟුල් ගෙදර පොටෝ සිද්ධියකට ලේලිය ලක්ෂ 3 ක් නැන්දම්මාගෙන් ඉල්ලලා විවාහ දිනයේ නිදහස් ඡායාරූප (ප්‍රී ෂූට්) නොගත්තේ යැයි පසුතැවිලි වන ලේලිය නැන්දම්මාගෙන් රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ඉල්ලීමේ සිද්ධියක් වැලිමඩ බොරලන්ද අවට ගම්මානයකින් අසන්නට ලැබේ. 22 April 2020
අනියම් පෙමේ පල නෙළන්න බලෙන්ම නිරෝධායනය වෙලා කොරෝනා සමග පැමිණි නිරෝධායනය යන වචනය ඇසීමට පවා බොහෝ අය අකමැති වූයේ එම කාර්යයේදී දින 14ක් හෝ 21 ක් හෝ සියලු දෙනාගෙන් වෙන්ව සිටීමට සිදුවීම නිසාය. 21 April 2020
වැඩකාරිය වැඩේ අනාගෙන විද්‍යුත් ලිපිනය සටහන් කළ යුතු තැන ගෙදර ලිපිනය ලියූ සරසවි සිසුවියක මිතුරු මිතුරියන් ගේ සමච්චලයට බඳුන් වූ පුවතක් පසුගියදා අගනුවරට නුදුරු පෙදෙසකින් අසන්නට ලැබිණි. 20 April 2020
පොලිස් පරීක්ෂණයේදී දුවට අම්මාගේ නම අමතක වෙලා පොලිසිය කළ ප්‍රශ්න කිරීමකදී සිය මවගේ නම කියන්නට අපොහොසත්වූ තරුණවිය ඉක්මවූ දියණියක පිළිබඳව පසුගියදා මීරිගම ප්‍රදේශයෙන් වාර්තාවිය. 18 April 2020
පොල්ලට බයවෙලා කොල්ලො හැංගිලා ඇඳිරි නීතිය පවතිද්දී ජංගම සංචාරයේ යෙදුණු පොලිස් පිරිසක් පොළඟකු දැක ඌ පාරෙන් ඉවත් කරන්නට පොල්ලක් සොයද්දී ඒ අසල සිටි තරුණයන් දෙදෙනකු බිය වී පණ එපා කියා දිවගොස් ඇඳ යට සැඟවුණු පුවතක් පසුගියදා වයඹ පළාතේ ගම්මානයකින් අසන්නට ලැබිණි. 17 April 2020
නැකතට උයන්න ගිය කිරිබත නින්දට යටවෙලා නැකතට ලිප ගිනි මොලවා කිරිබත හදන්නට සූදානම්ව ඇඳේ ඇලවුණු කාන්තාවකට නින්දට යාමෙන් දරුමල්ලන්ට කුසගින්නේ සිටීමට සිදුවූ පුවතක් මීරිගම පෙදෙසින් වාර්තා වේ. 16 April 2020
බෑනා එන ආරංචිය ඇසී නිරෝධායනයට බියවූ මාමණ්ඩි කැලේ පැනලා දෙවැනි වරටත් දින දාහතරක් නිරෝධානය වන්නට සිදු වෙතැයි බියෙන් දරු මල්ලන් ද අතහැර කැලෑ වැදුණු පුද්ගලයකු පිළිබඳ පුවතක් අනුරාධපුර දුෂ්කර ගම් පෙදෙසකින් වාර්තාවේ. 11 April 2020
කජු මදයට මුවාවෙලා අත්‍යවශ්‍ය සේවා රියැදුරන්ට කසිප්පු විකුණලා කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම කජුපුරයේ වෙළෙඳ කුටියකට වී කජු විකුණන මුවාවෙන් කසිප්පු විකිණීමේ යෙදුණ පුද්ගලයකු කසිප්පු බෝතල් 25ක් සමග පෙරේදා (8 වැනිදා) සවස අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 10 April 2020
කොරෝනා ගැන කියන්න ගිය නිලධාරීන්ගේ බේත් කුප්පියටත් විදලා කොරෝනා උවදුරෙන් ආක්ෂාවීමට ගතයුතු පියවර පිළිබඳව ගම්වැසියන්ට උපදෙස් ලබා දෙන අතරේ සෞඛ්‍ය වෛද්‍ය නිල රියේ තිබී විසබීජ නාශක බෝතලය සොරා ගැනීමේ සිද්ධියක් නිසා නිලධාරීන් අසරණ වූ සිද්ධියක් පිළිබඳව පසුගියදා කල්එළිය ප්‍රදේශයෙන් වාර්තා විය. 09 April 2020
ආච්චි වෙනුවෙන් කතාවට ගිය මිනිපිරිය පොලිස් කූඩුවේ මිත්තණියගේ වැඩිහිටි දීමනාව ලබාදීම ප්‍රමාද කළැයි ග්‍රාම නිලධාරිනියකට පරුෂ වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කළ බව කියන මිනිපිරියක පෙරේදා (6) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 08 April 2020
ඇඳිරිය අස්සේ ‘අත්‍යවශ්‍ය ලේබලයෙන්’ නංගිගේ මඟුල් කාඩ් බෙදූ අයියා දැලේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ ගසා ගෙන සිය නැගණියගේ විවාහ උත්සවයකට කාඩ් බෙදමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය විසින් පෙරේදා (5) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය. 07 April 2020
හාල්-පරිප්පු එනකම් බලාගෙන උන්නාම පලතුරු මල්ලක් ගෙට ඇවිත් ආහාර මල්ලක් ඇණවුම් කළ පසු පළතුරු සමග ආහාර මල්ලක් ලැබුණු සිද්ධියක් කොළඹට නුදුරු නගරයකින් පසුගියදා වාර්තා විය. 06 April 2020
උදැල්ල පෙන්නා ඇඳිරියෙන් ගැලවී දවස පුරා කසිප්පු ගහලා ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂක අංශ රවටමින් උදේ හවස කසිප්පු පානය සඳහා යන එන පුද්ගලයකු පිළිබඳව යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ. 02 April 2020
බේත් ගන්න ආ මවට බියවී රෝගීහු සීසීකඩ දුවලා ස්වසන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට පැමිණි වියපත් කාන්තාවක දුටු බාහිර රෝගී අංශයේ රෝගින් විශාල පිරිසක් සී -සී කඩ දිව ගිය පුවතක් පෙරේදා (30) මිහින්තලෙන් වාර්තා විය. 01 April 2020
පොලිසියට ඔත්තු දීලා අන්තිමේ නාහෙන් අඬාවැටෙන්න වෙලා නිර්නාමික දුරකතන ඇමතුමක් ඔස්සේ තම ගම්මානයේ පවත්වාගෙන යන කසිප්පු තිප්පොළක් පිළිබඳ ඔත්තුවක් පොලිසියට ලබාදුන් කාන්තාවක එය වැටලීමෙන් පසුව එහි තම සැමියාද සිටින බව දැන යළිත් පොලිසියට ඇමතුමක්දී ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා හඬා වැටුණු බව කියැවෙන පුවතක් වාර්තා වේ. 31 March 2020
ඔසුසල් සේවකයන්ගේ කෑම පමාවට වියපත් සීයාට වන්දි ගෙවන්න වෙලා තංගල්ල ප්‍රදේශයේ ඔසුසලකින් ඖෂධ ලබාගැනීමට පැමිණි පැය ගණනක් පෝලිමේ සිටි පියකුට ඖෂධ නිකුත් නොකර හරවා යැවීමේ සිද්ධියක් තංගල්ලෙන් වාර්තාවෙයි. 30 March 2020
මසට ගෙනගිය වැස්සිය වත්තකට රිංගා පණ බේරාගෙන ඇඳිරි නීතිය පනවා තිබියදී මසට දක්කාගෙන ගිය වැස්සියක කඩාගෙන විත් ගෙවත්තකට ඇතුළු වීමේ පුවතක් පසුගියදා බිංගිරිය බෝවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය. 28 March 2020
මත්පැන් බෝතලෙන් ලොක්කා සල්ලං වැඩි මිලට මත්පැන් බෝතලයක් මිලදී ගෙන එය පසුව එම මත්පැන් බෝතලය නිසා නිවෙසට වී ‘කොරන්ටයින්’ වීමේ සිද්ධියක් පසුගිය දිනක වාර්තා විය. 27 March 2020
මූණු පොතේ බොරුව ඉතාලියටම ගිහින් ඉතාලියේ සිට පැමිණි පිරිසක් තලාතුඔය අංකෙළිපිටිය ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින්නේ යයි පවසමින් මුහුණු පොතේ පළකොට පොලිසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදීම නිසා පෙරේදා (24) තලාතුඔය අංකෙළිපිටිය ප්‍රදේශයේ ගම්වාසීහු මහත් අසීරුතාවට පත්වූහ. 26 March 2020
තොප්පිය හරි ගිහින් පරිප්පු පෝලිමෙන් පැන ගිහින් සහන මිලට පරිප්පු සහ සැමන් ගැනීමට පෝලිමේ සිටි ව්‍යාපාරිකයකු මුහුණ දුන් අපුරු පුවතක් ප්‍රදේශයෙන් වාර්තාවෙයි. 25 March 2020
දුවට කතා කරන්න ගිහින් කතක් කොරෝනා උපදෙස් දීලා: තාත්තා දුරකතනය පොළොවේ ගහලා පිටස්තර ප්‍රදේශයක රැකියාවක් කරන සිය දියණියගේ සුවදුක් දැන ගැනීමට ඇගේ පියා අවස්ථා තුනකදීම ඇයට ඇමතුම් ගැනීමට උත්සහ කළද ඒ හැම අවස්ථාවකදීම වෙනත් කාන්තාවක කොරෝනා රෝගය ගැන විස්තර කිරීමට පටන්ගත් බැවින් ඔහු ප්රකෝපයට පත්ව ඇයට පරුෂ වචනයෙන් බැණ වැදී ජංගම දුරකතනය පොළොවේ ගැසූ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැනගැනීමට ලැබිණ. 24 March 2020
ඩෙංගු මර්දනයට ගිය සැමියාට බිරියගෙන් කොසු පහර ඩෙංගු මර්දන වැඩසටහන් වලට යැයි නිවසින් බැහැර ගොස් වසා ඇති කාර්යාලයේ අනියම් පෙම්වතිය සමග පෙම්සුව විඳිමින් සිටි සැමියකුට බිරිය කොස්සක් කැඩෙනතෙක් පහර දීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා විය. 20 March 2020
වැඩි තණ්හාවට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා රුපියල් ලක්ෂ පහක ගනුදෙනුවක් ලබා ගන්නට ගිය ගමන රුපියල් පන්දහසකින් සෑහීමට පත් වන්නට සිදුවී කුලී කාරයේ ගමන් වියදමවත් පියවා ගන්නට නොහැකිවූ තැන බිරියගේ දෝස්මුරයකට ලක්වූ සැමියකු පිළිබඳව පසුගියදා සියනෑවෙන් වාර්තා විය. 19 March 2020
ලොක්කාගේ හදිසි කැඳවීමෙන් නිලධාරියාට ගෙදර යන්න බැරි ප්‍රශ්නයක් මතු වෙලා ආයතන ප්‍රධානියාගේ හදිසි රාජකාරියක් නිසා දවල් ආහාරයද ඒවා ගෙනා භාජනද නැතිව ගෙදර යන්නට සිදුවූ නිලදරුවකු බිරියට දෙන උත්තර සොයමින් පසවූ පුවතක් පසුගියදා කොලොම් තොටේ කාර්යාලයකින් අසන්නට ලැබිණි. 18 March 2020
පෙරුම්කායම් ගන්න මාතර බෙහෙත් කඩයක් බිඳලා පෙරුම්කායම් රැගෙන යාමේ අදහසින් මාතර කොටුවේගොඩ පිහිටි සිංහල බෙහෙත් බඩු කඩයක් සොරුන් බිඳීමේ සිද්ධියක් මාතර ප්‍රදේශයෙන් වාර්තාවිය. 17 March 2020
නින්දේ පසුවූ තරුණයෙක් බස් රියකට ගිනි තියලා ගාල්ලේ සිට වඳුරඹ දක්වා ධාවනය වූ බසයක දැඩි නින්දක පසුවෙමින් ගමන් ගත් තරුණයෙක් බසය ගිනි ගන්නවා යැයි එකවර මහා හයියෙන් කෑ ගැසීම නිසා බසයේ ගමන් ගත් පිරිස බියට පත්වීමේ පුවතක් වඳුරඹ ප්‍රදේශයෙන් වාර්තාවෙයි. 16 March 2020
සැමියාගේ අනියම් පෙම නවත්වන්න නීතිඥයාගෙන් අපූරු උපදෙසක් අසල්වැසි නිවසක කාන්තාවක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන සිය සැමියා ඉන් මුදවා ගැනීම සඳහා උපදෙස් පැතීමට නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයකු සොයා ගිය කාන්තාවකට වඳින්නට ගිය දේවාලය හිසේ කඩාවැටුනාක් වැනි සිද්ධියකට මුහුණ දීමට සිදුවීමේ පුවතකි මේ. 13 March 2020
සීනි හොරාට නිවැසියන්ගෙන් අපූරු පාඩමක් රජරට පළාතේ ගමක ජීවත් වූ මැදිවිය ඉක්මවා සිටි සදානන්දට සීනි අමාරුව තදින්ම වැළඳී තිබුණි. දොස්තර මහතා ඔහුට උපදෙස් දී තිබුණේ පැණි රස නොකන ලෙසටය. එහෙත් සදානන්ද පැනි රස කෑමට දැක්වූයේ බලවත් ගිජුකමකි. බිරිඳ ඇතුළු දරුවන්ට සදානන්දගේ පුරුද්ද කරදරයක් වී තිබුණි. සෑම දිනකම රාත්‍රී කෑමෙන් පසු ගෙදර අයට හොරෙන් සීනි බෝතලයෙන් භාගයක්ම ඔහු හිස් කළේය. 12 March 2020
නැතිවූ බිරිය හොයාගන්න ෙද්වාලයකට ඇවිත් කපුවාගේ බිරිය රැගෙන ගිහින් බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය කරකාරෙට රැගෙන යාමේ පුවතක් දකුණු කළුතර පළාතේ පොලිසියකින් වාර්තා වෙයි. 11 March 2020
පියාගේ මළගමදා පුතා අලුත් කාරයේ වැඩ පෙන්වලා පියාගේ මළගමට පැමිණි මිතුරා මළගෙදරට ගොඩවෙන්නටත් පෙර තමාගේ මෝටර් රියේ සවිකළ කැසට් යන්ත්‍රය මහ හයියෙන් දමා එහි පවර් එක පෙන් වූ පුතෙක් බස්නාහිර එක්තරා ගමකින් වාර්තා විය. 10 March 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026