IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පියාගේ මළගමදා පුතා අලුත් කාරයේ වැඩ පෙන්වලා

(බුලත්සිංහල - ලක්ෂ්මි කුඩලිගම)
පියාගේ මළගමට පැමිණි මිතුරා මළගෙදරට ගොඩවෙන්නටත් පෙර තමාගේ මෝටර් රියේ සවිකළ කැසට් යන්ත්‍රය මහ හයියෙන් දමා එහි පවර් එක පෙන් වූ පුතෙක් බස්නාහිර එක්තරා ගමකින් වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කලක් රෝගාතුරව සිටි පියා මියගියේය. අගනුවර කාර්යාලයක සේවය කරන පුතාගේ හිතවතුන් වැල නොකැඩී මළගෙදරට ආවේ ශෝකය ප්‍රකාශ කිරීමටය. තමාගේ මෝටර් රිය මිතුරන්ට පෙන්වීමට හොඳම අවස්ථාව කරගත් මේ පුතා මෝටර් රිය මිදුලේ කොනකට වන්නට නතර කර තැබීය.


සිය හිතවතාගේ පියාගේ අවසන් කටයුතුවලට සහභාගී වීම සඳහා මිතුරකු උදෑසනින්ම මළගෙදරට ගියේය. ඔහු නිවෙසට ගොඩවන්නටත් පෙර ඔහුව පිළිගත් මේ පුතා ඔහු අමතා ‘මචන් මේ තියෙන්නේ මගේ කාරෙක. අපි යමු ද මේකෙන් පන්සලට ගිහින් එන්න’ කියා ඔහුත් ඇදගෙන කාරෙකට ගොඩවිය.


මෝටර් රිය පණගන්වාගත් ඔහු ප්‍රධාන පාරට රථය හරවා නතර කළේය. ‘මචන් මේ තියෙන්නේ මේකට ළඟදි හයිකරපු කැසට් යන්ත්‍රය. කොහොමද බලපන් සද්දේ’ කියා කැසට් යන්ත්‍රය මහ හයියෙන් සින්දුවක් දමා ඉදිරියට පැදවීය. පැමිණි මිතුරාට කේන්තිය ඉවසා සිටීමට බැරිම තැන ‘යකෝ මේ මැරිල ඉන්නේ උඹගේ තාත්තා නේද’ කියා ඇසීය.


‘ඔව් බං ප්‍රශ්නයක් නෑ එයා වයසයිනේ. ගණන් ගන්න එපා. එයා හිටියෙත් මල්ලිගේ ගෙදරනේ.’ 


‘ආ එහෙම ද තාත්තාගේ අසනීපේ ගැන කියල නිවාඩු ගත්තෙ බොරුවටද’ යි ඇසූ මිතුරාට යකා නැග්ගේය. ‘මේ උඹ වගේ පුතෙක් හදාපු උඹලෑ තාත්තාට අමා මහා නිවන් සුවම අත්වේවා. කරුණාකර ඔතනින් නවත්තපන් මට බහින්න’ කියූ මිතුරා මගින් බැස කොළඹ දෙසට යන බස් රථයකට ගොඩ වුණාලු.

 



අදහස් (0)

පියාගේ මළගමදා පුතා අලුත් කාරයේ වැඩ පෙන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site