IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කජු මදයට මුවාවෙලා අත්‍යවශ්‍ය සේවා රියැදුරන්ට කසිප්පු විකුණලා

(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම කජුපුරයේ වෙළෙඳ කුටියකට වී කජු විකුණන මුවාවෙන් කසිප්පු විකිණීමේ යෙදුණ පුද්ගලයකු කසිප්පු බෝතල් 25ක් සමග පෙරේදා (8 වැනිදා) සවස අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.


කජු පුරයේ කෙළවරක කජු විකිණීමට තබා ඇති කුටියක් අසන්නයේ රැඳී සිටිමින් සැකකරු කසිප්පු විකිණීමේ නිරතව සිටිය දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලත් තොරතුරක් අනුවය.


පැකට් කළ කසිප්පු තොගය ඒ ආසන්නයේ සඟවා තබා ගනුදෙනුකරුවන් පැමිණි අවස්ථාවේදී සැපයීමේ යෙදී සිට ඇත්තේ කජු විකුණන බව අඟවමින් බව ද පොලිස් පරීක්ෂණයේදී හෙළි වී ඇත.


බෝතල් කාලක පැකට්ටුවක් රුපියල් 250කට විකුණා ඇතැයි ද රජයේ තැබෑරුම් වසා ඇති හෙයින් මෙම සැකකරු ප්‍රධාන මාර්ගයේ ගමන් කරන අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රියදුරන් ඉලක්ක කරගෙන මේ ස්ථානයේ සිට ජාවාරම කර ඇති බවට ද පොලිසිය සැක කරයි.


කජු විකුණන කුටිය අසල රැඳී සිටිමින් ලොරි ගමන් කරද්දී සංඥා කර ගනුදෙනුකරුවන් කැඳවා ඔහු වෙළෙඳාම කර ඇති අතර එසේ කසිප්පු විකිණීමේ නිරතව සිටිය දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.


පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.

 



අදහස් (0)

කජු මදයට මුවාවෙලා අත්‍යවශ්‍ය සේවා රියැදුරන්ට කසිප්පු විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site