IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැඩි තණ්හාවට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් ලක්ෂ පහක ගනුදෙනුවක් ලබා ගන්නට ගිය ගමන රුපියල් පන්දහසකින් සෑහීමට පත් වන්නට සිදුවී කුලී කාරයේ ගමන් වියදමවත් පියවා ගන්නට නොහැකිවූ තැන බිරියගේ දෝස්මුරයකට ලක්වූ සැමියකු පිළිබඳව පසුගියදා සියනෑවෙන් වාර්තා විය.


මුදලට සිය ජන්මය පවා පාවාදෙන සැමියෙකි. ඕනෑම කටයුත්තකට දායකවීමට මුදලක් අපේක්ෂා කරයි. බිරිය ද ඊට නොදෙවෙනිය. තමන්ගේ තත්ත්වය ද නොසලකා  ඇය සැමියාගේ වැඩට එකපයින්ය. මැතිවරණ සටනට දායක වන පුද්ගලයකු හමුවී ඔහුට සේවය සලසන මුවාවෙන් ගාණක් කඩා ගැනීමට මේ සැමියා උපක්‍රමශීලීව කටයුතු කළේය. ඒ ගමනට බිරිය ද එක් වූවාය. ඇය මේ ගමනට එක්වූයේ ලාභයෙන් අඩක් දෙන බව සැමියා කී නිසාය.  


තමන්ගේ යතුරු පැදියෙන් ගියොත් අවතක්සේරුවකට ලක් වෙනු ඇතැයි සිතූ මේ යුවළ නවීන පන්නයේ කුලී රියක් මේ ගමනට යොදා ගත්තේය. තමන් සේවය සලසන අන්දමත් ඊට ලැබෙන ප්‍රතිචාර පිළිබඳවත් මේ යුවළ හමුවන අයට පැවසුවේ තමන්ගෙන් සැලසෙන සේවය වෙනුවෙන් රුපියල් හය ලක්ෂයකට ආසන්න මුදලක් අය කරන බවයි.  


අංකූරයෙකු වන  සේවා දායකයා ඇගේ බහට ඕනෑ කමින් සවන් දෙන බව පෙන්වීය. යුවළ සිටියේ සතුටිනි. ඔහු තමන්ගේ උගුලේ වැටුණු බව ඔවුන්ගේ සිතුවිල්ල විය. 


පැයක හමාරක සාකච්ඡාවෙන් පසු ගෙතුළට ගිය ඔහු ආපසු පැමිණියේය. ඔයාලා ආවානේ ගමන් වියදමට මේක තියා ගන්නැයි කියා රුපියල් පන්දහසක නෝට්ටුවක් සැමියා අත තැබීය. ඔය වැඩේ ඔයාලට වඩා අඩුවෙන් කරන අය ඉන්නවා යැයිද ඔහු කීය.


කරකියාගත හැකි දෙයක් නොවූ සැමියා බිරියගේ අතින් අල්ලාගෙන පිටව යාමට සැරසුණත් බිරිය සැමියාගේ අත ගසා දමා දිව ගොස් රියට නැග්ගාය. ඇයි යෝධයෝ මේකෙන් මේකේ කුලියවත් ගෙවන්න පුළුවන්ද තමුසේ කිව්වේ අලි මදිවට කොටිත් අල්ලනවා කියලා නේදැයි බිරිය අසද්දී නිරුත්තරවූ සැමියා නිහඬවම අසුනට බරවූයේය. 


අමනාප වූ බිරිය යාළු කරගන්නට තවත් කෙනෙක් බිලි බාගනිමින් ගේමක් ගහන්නට සැමියා දැන් බලා සීටී.

 



අදහස් (0)

වැඩි තණ්හාවට ගිහින් තිබුණු ටිකත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site