(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විද්‍යුත් ලිපිනය සටහන් කළ යුතු තැන ගෙදර ලිපිනය ලියූ සරසවි සිසුවියක මිතුරු මිතුරියන් ගේ සමච්චලයට බඳුන් වූ පුවතක් පසුගියදා අගනුවරට නුදුරු පෙදෙසකින් අසන්නට ලැබිණි.

සරසවි වසා තිබුණත් අන්තර් ජාලය ඔස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදුවේ. ඒ අතර අධ්‍යාපනික කටයුතු මෙන්ම සුබසාධන වැඩ කටයුතු ද වේ. මේ කියන සරසවියේ සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ සුබ සාධන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඔවුනොවුන්ගේ තොරතුරු එක් රැස් කිරීමට නියමිතව තිබී ඇත. ඒ අනුව සියලු සහෘදයන් වෙත අයදුම්පත ඉදිරිපත් කෙරුණේ අන්තර්ජාලය මගිනි.
පන්තියේ සිටින දක්ෂයා ලෙස පෙනී සිටින සිසුවිය සියල්ල දන්නා අයකු සේ පෙනී සිටින්නියකි. ඇය මේ ඉල්ලුම්පත ඉක්මනින්ම යැව්වේ ඇගේ දක්ෂතාව පෙන්වීමේ අටියෙනි. මේවා එකතු කිරීමේ කටයුත්ත බාරව සිටියේ සිසුවෙකි. ඔහු ලැබුණු ඉල්ලුම්පත් පරිගණකය ඇසුරින් එකින් එක පරීක්ෂා කරන්නට වූයේ ඒවායේ අවශ්‍ය කරන දත්ත එකතු කරගන්නා අදහසිනි.
සියල්ල දත්තියගේ විස්තර පත්‍රිකාව මනරම්විය. එහි විද්‍යුත් ලිපිනයට ඇය සටහන් කර තිබුණේ ගෙදර ලිපිනයයි. එය දැකීමෙන් පසු නිවැරැදි කරන ලෙසට මේ සිසුවා සියල්ල දත්තියට දැන්වූ පුවත කෙසේ හෝ අනෙක් සිසුන් අතරද ප්‍රචලිතවීම නිසා දැන් සියල්ල දත්තිය ළඟම හිතවතුන් ඇතුළු කිසිවකුගේ දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදී මග හරිමින් කල් ගත කරමින් සිටින බව අනාවරණය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට තම වරදින්නේ.... හිනාවෙන්න දෙයක් නෑ.......
මනුස්සයෙක්ට සාමාන්‍යයෙන් වැරදීම් වෙනවා. දැන් මේ ශිෂ්‍යාවට වුනු සුළු වැරදීම මේ තරම් කතා කළානම් ඒ ශිෂ්‍යාව ගැන අනෙත් අය ඉන්නේ ඊර්ෂ්‍යාවෙන්....ඇත්තටම ඇය අනෙත් අයට වඩා කැපී පෙනෙන සිසුවියක් වෙන්න ඕන. අර කොල්ලා ගැන නම් මට හරිම හාස්‍යයක් දැනෙනවා, කොල්ලෙක් වුනත් පොදු ලිඳ ළඟ ඕපාදූප දොඩවන කෙනෙක් වගෙයි මේ ගැන කතා කර තිබෙන්නේ.
වර්තමානයේ රජයේ කාර්යාලවල සේවයකරන ක්‍රියාශීලී තරුන කණ්ඩායම්වලට එන්නේ මෙවැනි පිරිස් තමයි. ඔවුන් පලපුරුද්ද හා අත්දැකීම් වැනිදේ සතයකටවත් ගනන් ගන්නේ නැහැ. සමහරක් ඉහලයයි කියාගන්නා අයත් මොවුන්ගේ කටයුතු ඉහලින්ම අනුමත කරනවා.