IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොරෝනා ගැන කියන්න ගිය නිලධාරීන්ගේ බේත් කුප්පියටත් විදලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා උවදුරෙන් ආක්ෂාවීමට ගතයුතු පියවර පිළිබඳව ගම්වැසියන්ට උපදෙස් ලබා දෙන අතරේ සෞඛ්‍ය වෛද්‍ය නිල රියේ තිබී විසබීජ නාශක බෝතලය සොරා ගැනීමේ සිද්ධියක් නිසා නිලධාරීන් අසරණ වූ සිද්ධියක් පිළිබඳව පසුගියදා කල්එළිය ප්‍රදේශයෙන් වාර්තා විය.


මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පසුගියදා කල්එළිය ප්‍රදේශයට ගියේ ගම්වැසියන් නිරෝධායනය වීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටය. ඒ ප්‍රදේශයෙන් සැකසහිත අයකු පිළිබඳ සැලවූ නිසාය. ඔවුන් ගමන් ගත් රිය නවතා පිරිස නිවැසියන් හමුවී  උපදෙස් ලබාදී ආපසු යෑමට පැමිණ වෛද්‍යවරයා ඇතුළු පිරිස  විසබීජ නාශක යොදා දෙඅත් පිරිසිදු කරගන්නට සූදානම් වූහ.


එහෙත් විසබීජ නාශක කුප්පිය අතුරුදන් වී තිබිණි. නිලධාරි නිවෙස්වලට ගිය අතර කිසිවෙකු වාහනයේ තිබූ විසබීජ නාශක බෝතලට සොරා ගෙන ගොස් ඇති බව පසුව හෙළිවිය. කරන්නට දෙයක් නොවූ තැන පිරිස ජල නළයක් සොයාගෙන දෙඅත් පිරිසිදු කරගෙන ආපසු කාර්යාලය බලා පිටත්ව ගියේ රටේ ජනතාවගේ හැටි කෙසේදැයි සිතා ගන්නට බැරිවය.



අදහස් (2)

කොරෝනා ගැන කියන්න ගිය නිලධාරීන්ගේ බේත් කුප්පියටත් විදලා

Perakum Thursday, 09 April 2020 03:36 AM

මේ වගේ කාලකන්නි ඉන්න රටක අපි ඉපදුනේ ඇයි?

:       163       71

harimagaFriday, 10 April 2020 08:44 AM

මෙහෙම කියන්න පුරුදු වෙමු. අපේ රටේ මේ වගේ කාලකන්නි ඉපදුනේ ඇයි?

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site