IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හාල්-පරිප්පු එනකම් බලාගෙන උන්නාම පලතුරු මල්ලක් ගෙට ඇවිත්

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ආහාර මල්ලක් ඇණවුම් කළ පසු පළතුරු සමග ආහාර මල්ලක් ලැබුණු සිද්ධියක් කොළඹට නුදුරු නගරයකින් පසුගියදා වාර්තා විය.


ඇඳිරි නීතියත් සමග ප්‍රධාන පෙළේ ආයතන මෙන්ම ගමේ ගොඩේ වෙළෙඳසැල්ද විවිධ පැකේජ යටතේ ආහාර ඇණවුම් බාරගැනීම සිදුවිය. රුපියල් 1000 සිට 4000 ගණන් දක්වා වන පැකේජ ඒ ඒ ආයතන විසින් හඳුන්වා දෙනු ලැබීය.


කොළඹට නුදුරු නගරයක වෙසෙන යුවළක් එක් ආයතනයක දුරකතන අංකයකට කතා කර තමන්ට ද ආහාර මල්ලක අවශ්‍යතාව දැනුම් දුන්නේ අවස්ථාවේ හැටියට ලැබෙන සහනයක් බව සලකාය. රුපියල් හාරදහසේ මල්ලක් ඇණවුම් කළ ඔවුහු ඒ සඳහා ලැබෙන දේ ගැනද විමසීමක් කළෝය. ඒ ගැන දැන්ම කියන්න බැහැ. හොඳ බඩු ලැබෙන එක නම් ෂුවර් යැයි පිළිතුරු ලැබිණි.


වරුවක් ගතවෙද්දී මේ බඩු මල්ල ලැබිණි. එහි වැඩියෙන්ම තිබුණේ පළතුරුය. කෙසෙල්, පැපොල් ආදියද ඒ අතර විය. එමෙන්ම එදිනෙදා අත්‍යවශ්‍ය නොවන බිස්කට්, කිරිපිටි වර්ග වැනි වර්ග ගණනාවක්ද විය. ඒ සඳහා ලොකු ගණනක් අය කළ බව බිල්පතේ සඳහන්ව තිබිණි. එහෙත් එදිනෙදා අවැසි දේ කිසිවක් එහි නොවීය.


අපි කිව්වේ ආහාර මල්ලක් දෙන්න කියලානේ. ඇයි අපිට පළතුරු එව්වේ. හාල් තුන පහ ටිකක් ලැබුණා නම් මේ අමාරු අවස්ථාවේ හැටියට හොඳයිනේ ඔවුන් යළි අමතා පැවසුවත් ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත. අවස්ථාවාදීන් කළ දුටු තැන ඉහගෙන කන එක වෙනවා. බඩගින්නේ හිටියා නම් මීට වඩා හොඳයි. මේ යුවළ හිතවතුන් හා පැවසුවේ නමේ හැටියට වැඩ කළ ආයතනය ගැන දැඩි කලකිරීමෙනි.



අදහස් (2)

හාල්-පරිප්පු එනකම් බලාගෙන උන්නාම පලතුරු මල්ලක් ගෙට ඇවිත්

shanka Monday, 06 April 2020 05:58 AM

මේ අසීරු අවස්ථාවේ මේ වගේ සාමාන්‍ය ජනතාව කොල්ලකන අයට අනිවාර්යයෙන් පාඩමක් ඉගැන්විය යුතුයි කප්රුකට කලා වගේ..

:       0       25

wca Monday, 06 April 2020 09:31 AM

මේ වගේ ආයතනවල නමත් කිව්ව නම් හොදයි... එතකොට අනෙක් අයට දැනගන්න පුළුවන්...

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site