IMG-LOGO

තොප්පිය හරි ගිහින් පරිප්පු පෝලිමෙන් පැන ගිහින්

නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
සහන මිලට පරිප්පු සහ සැමන් ගැනීමට පෝලිමේ සිටි ව්‍යාපාරිකයකු මුහුණ දුන් අපුරු පුවතක් ප්‍රදේශයෙන් වාර්තාවෙයි.


සිද්ධිය මෙසේය.


මෙදින සවස දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. නගරයේ ව්‍යාපාරික ස්ථානවල මෙන්ම සතොස වෙළෙඳසල්වලද දිගු පෝලිමක් තිබුණි. ඒ රජයෙන් ලබාදුන් සැමන් සහ පරිප්පු සහන මිලට ගැනීම සඳහාය.


මේ අසලින් ගිය තැනැත්තකු සතොස පෝලිමේ සිටි ව්‍යාපාරිකයා හඳුනාගෙන ඇත. ඔහු මුඛ ආවරණ පැළඳ කන්නාඩි දමා සිටියද ඔහු හඳුනා ගත්තේ නුදුරෙන් මදක් නවතාතිබූ වාහනයෙනි. ව්‍යාපාරිකයා අසලට ගොස් මහත්තයාට ලැජ්ජාවක් තියනවද ඕක නැති බැරි මිනිහට දීපු සහනයක් නේද? ඇයි ඕකට පොර කන්නේ. යැයි කියා ඇත.


පසුව ඔහුට ඇති වත්පොහොසත්කම් යාන වාහන, ගොඩනැගිලි ගැනද කියමින් දෝෂාරෝපණ කරන්නට වී ඇත.


සැමන් සහ පරිප්පු ගැනීමට පෝලීමේ සිටි සියලු දෙනාද ධනවත් පුද්ගලයාට සිනාසෙන්නට වීමෙන් මහත් ලජ්ජාවටත් කලබලයටත් පත්වූ ධනවත් පුද්ගලයා දිවගොස් තම වාහනයට නැගී පලා ගියේ ඔළුවත් නොඋස්සමිනි.


මේ අතර තවත් කීප දෙනකුද සැමන් ටින් එක සහ පරිප්පු කිලෝ දෙකද අත හැර පෝලිමෙන් ඉවත්ව යතුරු පැදිවල නැගී යන අයුරු බලා සිටි පිරිස් තොප්පිය හරි අය යනවා යැයි කියා සිනා සී ඇත.

 



අදහස් (7)

තොප්පිය හරි ගිහින් පරිප්පු පෝලිමෙන් පැන ගිහින්

කමල් Wednesday, 25 March 2020 02:00 AM

ඒ ධනවත් තැනැත්තා සැමන් සහ පරිප්පුවලිනුන් ධනවත් තැනැත්තෙක්ද?

:       4       42

lalithm Wednesday, 25 March 2020 05:02 AM

නැති බැරි අය කියන්නේ කව්ද? රටේ නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන නොගත් හෝ උදාසීන සහ නොසැලකිලිමත් ජීවිත ගත කළ මිනිස්සු.

:       6       15

Walter White Wednesday, 25 March 2020 05:10 AM

ඒ මනුස්සා ගත්ත බඩු ටික අරන් යන්න දෙන්නයි තිබුනේ. පාච්චල් කරපු එක වැරදියි. විශේෂයෙන්ම ඔය මනුස්සය ටැක්ස් ගෙවනවා ඇති පෝලිමේ ඉඳපු මිනිස්සු ඔක්කොම ගෙවන ගානටත් වැඩිය. ආණ්ඩුවෙන් සහනාධාර මිලට බඩු දුන්නාට මැදමුලනේ පොල් කඩා විකුණන සල්ලි වලින් පාඩුව පියවන්නේ නැහැ. ඒ පාඩුව පියවන්නේ මිනිස්සු ගෙවන බදු මුදලින්.

:       0       73

චින්තකWednesday, 25 March 2020 11:37 AM

පෙර හිටපු විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් හිඟන මිනිසුන් සමග කාලයක් එම වෘත්ති‍යේ යෙදී එම වෘත්තිය ගැන පොතක් ලිව්වා කියල මම අසා තියෙනවා. මෙම ධනවත් මහතාත් දුප්පතාගේ හැටි අවබෝධකර ගැනීමට එහෙම කලාද කවුද දන්නේ..?.

:       4       1

කමල්Wednesday, 25 March 2020 06:41 PM

අනේ අප්පේ චින්තකගේ චින්තනය!

:       0       1

Jesmin Wednesday, 25 March 2020 07:07 AM

මේ වෙලාවේ මිල මුදල්, යාන වාහන තිබුනට ඒවා කන්න බෑනේ. ඒ මනුස්සයටත් බඩගින්න හැදෙනවා.

:       0       121

charles Thursday, 26 March 2020 01:28 AM

සතොස දුප්පත්, පෝසත් හැමෝටම

:       49       80

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 422 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site