නවයේ සිසුන්ට පහරදෙන්න දහයේ අයියකුට රු.150කට කොන්ත්‍රාත්තුවක් නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසකගෙන් පහරකෑමට ලක්වූ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසක් දහය ශ්‍රේණියේ සිසුවකුට මුදල් ලබා දී පහර දුන් ශිෂ්‍යයන්ට පෙරළා පහර ගැස්සවීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ පාසලකින් දැන ගැනීමට ලැබිණ. 09 March 2020
එක කිවිසුමෙන් ෂීට් දෙකක් බස් රථයක තද වී ගිය මගියකුට ගිය කිවිසුමක් නිසා ආසන දෙකක්ම හිමිවීමේ පුවතක් පසුගියදා කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 07 March 2020
මල් කලඹ දැකලා දවල් තරු පෙනිලා තමා සේවය කරන ආයතනයේ ප්‍රධානියාගේ උපන්දින සාදය වෙනුවෙන් ගෙනා මල් කළඹ එය මිලට ගත් ආයතනයේ නම හේතුවෙන් ආපසු රැගෙන ඒමට සිදුවූ පුවතක් කොළඹට නුදුරු කාර්යාලයකින් වාර්තා විය. 06 March 2020
පල්ලෙකැලේ ක්‍රිකට් බැලූ තරුණයෝ හෝටලයක රොටී පුච්චාගෙන කාලා ආහාරපාන මුළුමනින්ම අවසන්ව තිබූ අවන්හලකට මැදියම් රැයේ ගොඩ වූ පිරිසක් අවන්හල් හිමියා පසෙකට වී බලා සිටියදී තමුන් අතින්ම පිටි අනා රොටී පුළුස්සාගෙන ලුණු මිරිසක් ද හදාගෙන අනුභව කළ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය. 05 March 2020
හොරකම මාට්ටු වෙලා දහම් පාසල් දරුවකුට වැඳ වැටිලා මහ දවල් නිවසකට පැන සොරකමක් සිදුකොට එළියට එද්දී මෙම නිවසේ පදිංචි කුඩා දරුවෙකු දහම් පාසල් ගොස් පැමිණ ඇති අතර දරුවා දුටු සොරා දරුවාට වැඳ සමාවගෙන සොරකම් කළ මුදල් කැටයක් ද දරුවා අත තබා සිද්ධිය කාටවත් නොකියන ලෙස ආයාචනාකොට එම ස්ථානයෙන් පිටවී ගිය පුවතක් තලාතුඔය හේවාවිස්ස ප්‍රදේශයෙන් වාර්තා විය. 04 March 2020
එක්කෙනෙක් කට වරද්දාගෙන අට දෙනකුගේ රෙදි ගැලවිලා රාජ්‍ය ආයතනයක නිලධාරීන් පිරිසකගේ ටයි කෝට් ගැලවූ තේ කඩ හිමියකු පිළිබඳ පුවතකි. 03 March 2020
රිළවුන් පන්නන්න ඇටවූ උගුලට තමන්ම අහුවෙලා රිළවුන් මට්ටු කිරීමට තම වෙළෙඳසලේ වහලය මත රිළා වෙස් මුහුණක් සහිත පඹයකු ඇටවූ ව්‍යාපාරිකයකුට රිළවකුගෙන්ම මට්ටු වීමට සිදුවූ අපූරු පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. කතාව මෙසේය. 02 March 2020
අතුරුදන් දියණිය රිළවකුත් එක්ක වගා ළිඳෙන් ගොඩට පොලිසිය කී පරිදි තරුණිය සරසවි ශිෂ්‍යාවකි. නිවාඩු දිනක නිවසට පැමිණි ඇයට පියා කාර්යයක් බාර දී තිබේ. ඒ ගොයමට යෙදීමට පොහොර ටිකක් මිලදී ගෙන එන ලෙසය. පියාගේ ගොවිතැන් කටයුතුවලට උදව් කිරීමට නොපැකිලෙන දියණිය ද පියා දුන් මුදල් ද රැගෙන යතුරු පැදියේ නැගී කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සලකට ගියාය. 29 February 2020
උදරයට රැවටී ගැබිනි අසුන දී බඩ පිරෙන්න කාලා මාතර සිට අම්බලන්ගොඩ දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි. සති අග දිනයක් වූ නිසා බසයේ විශාල පිරිසක් වූ අතර බොහෝ දෙනෙක් හිටගෙන සිටියහ. 29 February 2020
මඟුල් ගෙදර ගිහින් එද්දි අතුරුදන් මිතුරා බසයේ සීට් එක යට තම කාර්යාලීය මිතුරාගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මිතුරන් දෙදෙනෙකු බස් රථයකින් නිවෙස් කරා ආපසු යද්දී එක් මිතුරකු හිටි හැටියේ අතුරුදහන් වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තාවෙයි. 29 February 2020
ඇඳ උඩ බැනියමෙන් හොරේ අහුවෙලා මේ අඹු සැමි යුවළ ගැන වාර්තාවෙන්නේ ඇතුගල් පුරයෙන් දෙදෙනාම ඉතාම සමගියෙන් සිටියත් දරුවන් නැත. ඒ අඩුපාඩුව හුඟක්ම දැනුණෙන් බිරිඳටයි. වත්තක මුර වැඩට යන සැමියා රෑට නැති නිසා ඇයගේ පාළුව තනිකම නැති කර සතුට ලබාදීමට නිවසට මඳක් ඈතින් සිටින තනිකඩ පුද්ගලයෙක් සූදානම් වූයේය. 29 February 2020
රතු තොප්පියට බියවූ ‘රජතුමා’ කොට තාප්පයෙන් පැනලා අප මේ කියන සිද්ධිය සිදුවී තිබෙන්නේ 1990 වර්ෂයේය. එකල හමුදා සාමාජිකයෝ බොහෝ දෙනෙක් විවිධ හේතු මත සේවයට වාර්තා නොකොට සැඟවී සිටීමට පුරුදු වී සිටියෝය. ඔවුන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදා පොලිසිය නිරතුරුවම විමසිල්ලෙන් පසුවිය. 29 February 2020
ටී.වී. රංගනයට ලොල්වී රන් මාලය නැතිකරගෙන නාඋල පිහිටි රාජ්‍ය බැංකුවකින් උකසට තැබූ රන් මාලයක් බේරාගෙන ආපසු යමින් සිටි කාන්තාවකගේ එම රන් මාලය කොල්ල කෑ පුවතක් නාඋලින් වාර්තා වෙයි. 29 February 2020
මුදල් පසුම්බිය නැතිව පාරේ ළතැවෙද්දී යාචකයෙක් පිහිටවෙලා තම ඥාති දියණියක හමුවීමට දකුණේ උණ වලට සම්බන්ධ ප්‍රදේශයක යාමට පැමිණි දුර බැහැර මොනරු සිටින ප්‍රදේශයක පුද්ගලයකුගේ මුදල් පසුම්බිය නැතිවීම නිසා සිදු වූ අපූරු සිද්ධියක් පිළිබඳව එක්තරා ප්‍රදේශයකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 27 February 2020
බස්රියේදී දුටු තරුණිය හදිසියේ මහලු වෙලා සිය මිතුරන්ට අලුත් පෙම පවසා අමාරුවේ වැටෙන්නට ගිය පුද්ගලයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය. 26 February 2020
ලොතරැයි දිනුමක ආරංචියෙන් රෝගියාට සැත්කමත් එපාවෙලා පවුලේ සමීප ඥාතියකුට ලොතරැයි දිනුමක් ඇදුණු බව දැනගැනීමෙන් පසුව ශල්‍යකර්මයකට භාජන කිරීමට රෝහල් ගතකර සිටි කාන්තාවක තම ශල්‍යකර්මයද අත්හැර දමා බලහත්කාරයෙන්ම රෝහලෙන් පැමිණි බව දැනගන්නට ලැබිණි. 25 February 2020
යාළුවන්ගේ පෙරැත්තයට බීලා දඩ කොළය දෙක වෙලා එකම යතුරු පැදිකරුවකුට එකම දවසේ අවස්ථා දෙකකදී, රුපියල් දහසය දහස බැගින්වූ දඩ කොළ දෙකක් ලබා දීමේ පුවතක් වාර්තා වූයේ මාතර කොටවිල ප්‍රදේශයෙනි. 24 February 2020
මිතුරාට යතුරුපැදිය දී පොලිසියෙන් ගෙදරට ඇවිත් මිතුරකුගේ යතුරු පැදියෙන් තවත් මිතුරෙක් ගමනක් ගිය අතරවාරයේ යතුරු පැදියේ හිමිකරු සොයා පොලීසිය පැමිණීමෙන් අනතුරුව යතුරුපැදි හිමිකරුටත් එය රැගෙන ගිය මිතුරාටත් දෙලොව රත්වීමේ පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි. 21 February 2020
පුතාගෙ ගෙදර යන්න ආ පියාට බස් නොම්මරය පැටලී තරු පෙනිලා නාගරික ප්‍රදේශයක අලුතෙන් පදිංචියට ගිය සිය පුත්‍රයාගේ නව නිවෙසට ගෙවැදීමේ උත්සවයට සහභාගි වීම සඳහා ගමේ සිට පැමිණෙමින් සිටි වයස්ගත පියාට පුතා විසින් කියන ලද අංකය සඳහන් බස් රථය සොයා ගැනීමට නොහැකිවීමෙන් ඔහු මහත් අසීරුවට පත්වීමේ පුවතක් පසුගියදා කොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා විය. 20 February 2020
කළ උපකාරය හිලව්වට ජංගම දුරකතනය උස්සලා බස්රථයක් නොමැතිව මහමග සිටි පුද්ගලයෙකුට ගමන් පහසුව සැලසූ යතුරු පැදිකරුගේ ජංගම දුරකතනය සූක්ෂම ලෙස සොරා ගැනීමේ සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 19 February 2020
මංගල සාදයට ගොස් එද්දී වෙරි හිඳෙනතුරු රේස් ගිහින් මංගල සාදයකට ගොස් හොඳ හැටි පදම්වී ආපසු එන ගමනේදී තමුන්ට වෙට්ටු දැමූ යතුරුපැදිකරුවෙකු හඹාගෙන ගමනාන්තයටත් එහා කිලෝමීටර් විස්සක් පමණ ගමන් කර කුලී රථයකට වැඩිපුර කුලී මුදලක් ගෙවූ පිරිසක් පිළිබඳ පුවතකි මේ. 18 February 2020
රිළවකු කළ වැඩෙන් පොලිස් රථවාහන අංශ නිලධාරින්ට තරු පෙනිලා යතුරුපැදිය උඩ තබා තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත රිළවකු රැගෙන යාම නිසා දැඩි අසීරුතාවට පත් වූ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු පිළිබඳ පුවතකි මේ. 17 February 2020
මඟුල්දා තෑගි ලැබුණු ජංගම දුරකතනය මධු සමය කයි මධුසමය දිනයේ රාත්‍රීයේ තෑග්ගක් ලෙස ලැබුණු ස්මාර්ට් ජංගම දුරකථනයක් නිසා තරුණ යුවළකට නිදි වර්ජිතව මුළු රැයම ගෙවීමට සිදු වූ පුවතක් පසුගිය දිනෙක වාර්තා විය. 15 February 2020
ලස්සන වෙන්න මුහුණේ ගෑ මී කිරි තට්ටුව බලු හුරතලා ලෙවකාලා යෙහෙළියන්ගේ උපදෙස් මත මූහුණ ලස්සන වීමට ගෑ මුදවපු මීකිරි ගෙදර හුරතලයට ඇති කරන බලු_ පැටියා ලෙව කෑමෙන් එම කාන්තාව දැඩි අපහසුතාවට පත්වූවාය. 15 February 2020
ගම්මිරිස් හොරා ටැලිෆෝනයෙන් දැනේ ජංගම දුරකතනයකින් ගම්මිරිස් හොරකු කොටුකරගත් බව කියවෙන පුවතක් තල්දෙන එගොඩවෙල ගම්මානයෙන් වාර්තා වේ. 15 February 2020
අනවසරයෙන් ගේකට රිංගුවාට කතුන්ට වැඳ සමාව අරන් පාසල් යන දැරියක හා තරුණියක සිටි නිවසකට ඇතුළු වී ඔවුන් බියවැද්දූ සුරාබදු නිලධාරීන් පිරිසකට වැඩ වැරදී නැවත එම නිවසට පැමිණ නිවැසියන් ඉදිරියේ සමාව ගැනීමට සිදුවූ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙයි. 15 February 2020
සැමියාගේ මළගමදා බිරිඳගේ විලාපය කෝලමක් වෙලා තම සැමියාගේ මළගමේදී වැඩි භක්තියෙන් හැඬීමට ගිය කාන්තාවකට වචන පැටලී අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ. 15 February 2020
මංගල සාදයේදී පදමට වැදිලා මිතුරන්ට අපූරු දඬුවමක් දීලා මංගල සාදයකදී පමණ ඉක්මවා මධුවිත පානය කර බස්රථයකදී සිදුවූ අකර තැබ්බයක් කුඩලිගම ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ඔහු කාර්යාල සේවකයෙකි. තරබා 14 February 2020
නිලධාරියාගේ හෙල්මටයෙන් මාපිලෙක් ඇවිත්... පැළඳ සිටි හෙල්මටය තුළ මාපිලකු සිටීමෙන් නිලධාරියකු මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තා විය. 12 February 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026