ජංගම දුරකතනයකින් ගම්මිරිස් හොරකු කොටුකරගත් බව කියවෙන පුවතක් තල්දෙන එගොඩවෙල ගම්මානයෙන් වාර්තා වේ.
නිවෙස් හිමියා පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.

එය එගොඩවෙල ගම්මානයේ නිවසකි. පසුගිය කන්නයේදී ගම්මිරිස්වලට නිසි මිලක් නොලැබීම නිසා නෙළාගත් අස්වනු එහි කාමරයක ගබඩා කර තිබුණේ ඒ සඳහා ඉහළ මිලක් ලැබෙන තුරුය.
මේ පිළිබඳ ඇස් ගසාගෙන සිටි ත්‍රීවිල් රථ රියදුරකු පසුගිය දිනෙක නිවැසියන් එහා මෙහා වන තුරු හිඳ ගම්මිරිස් ගෝනියක් ත්‍රීවීල් රථයේ පටවාගෙන ගොස් නගරයේ වෙළෙඳ සලකට අලෙවි කළේ සොරකම පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමිනි. ගම්මිරිස් ගෝනි ගණන පිළිබඳ අවධානයෙන් සිටි නිවැසියකු එක් ගම්මිරිස් ගෝනියක් අතුරුදන්ව ඇති බව දැක, ඒ පිළිබඳව සොයා බලද්දී ගම්මිරිස් ගෝනියක් මත තිබූ ජංගම දුරකථනයක් ඔහුගේ නෙත ගැටුණි.
සිදුව ඇත්තේ කුමක්දැයි තේරුම් ගත් ඔහු එයත් රැගෙන නතර වූයේ බදුල්ල පොලිසියේය.
දුරකථනය ඔස්සේ සූක්ෂම ලෙස පරීක්ෂණ පැවැත් වූ පොලිස් නිලධාරීන්ට සොරකමේ සුලමුල සොයා ගැනීම එතරම් අපහසු කාරණයක් නොවීය.
කලබලයෙන් ගම්මිරිස් ගෝනිය කරට ගනිද්දී එය පහසු වීම සඳහා අත තිබූ ජංගම දුරකථනය කාමරයේ තිබූ තවත් ගම්මිරිස් ගෝනියක් උඩ තැබූ බව ගම්මිරිස් හොරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අසන්නට ලැබිණි.
(වියලුව වාර්තාකරු)
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්මිරිස් හොරා ටැලිෆෝනයෙන් දැනේ