IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නවයේ සිසුන්ට පහරදෙන්න දහයේ අයියකුට රු.150කට කොන්ත්‍රාත්තුවක්

(ගල්ගමුව - නිහාල් ජයවීර)
නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසකගෙන් පහරකෑමට ලක්වූ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසක් දහය ශ්‍රේණියේ සිසුවකුට මුදල් ලබා දී පහර දුන් ශිෂ්‍යයන්ට පෙරළා පහර ගැස්සවීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ පාසලකින් දැන ගැනීමට ලැබිණ.


දැන ගැනීමට ලැබෙන පරිදි හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍ය පිරිස පාසලේ ප්‍රාථමික අංශයේ සෙල්ලම් මිදුලට ගොස් එහි වූ ඔංචිල්ලා පදිමින් සිට ඇත. එහි ගිය නමය ශ්‍රේණියේ ශිෂ්‍ය පිරිසක් ඔවුන්ට පහර දී සෙල්ලම් මිදුලෙන් එළවා දමා තමන් එහි ඔංචිල්ලා පදින්නට පටන්ගෙන තිබේ.


මින් උරණ වූ පහරකෑමට ලක්වූ සිසුන් පහර දුන් සිසුන්ට හොඳ පාඩමක් ඉගැන්වීමට රුපියල් විස්ස, පනහ ආදී වශයෙන් එකිනෙකාගෙන් එකතුකොට ගෙන රුපියල් 150ක් සාදාගෙන දහය ශ්‍රේණියේ අයියා කෙනෙකු මුණ ගැසී කාරණාව දන්වා මුදල් ගෙවා කොන්ත්‍රාත්තුව භාර දී තිබේ.


දහය ශ්‍රේණියේ අයියා ද සෙල්ලම් මිදුලට ගොස් එහි ඔංචිල්ලා පදිමින් සිටි නමය ශ්‍රේණියේ මල්ලිලාට පහර දී තමන්ට භාර දුන් වගකීම අකුරටම ඉටුකොට තිබේ. තමන් භාර දුන් කොන්ත්‍රාත්තුව නිසි ලෙස ඉටු කරනවා දැයි දැකීමට හා එකට එක කළ බව පෙන්වීමට හත ශ්‍රේණියේ මල්ලිලා ද අයියා පසුපස එහි ගොස් ඇති බව ද කියැවේ.


කෙසේ වෙතත් දහය ශ්‍රේණියේ අයියාගේ පහරදීම ගැන සෑහීමකට පත් නොවුණු හත වසරේ මල්ලි කෙනකු තමන් දුන් මුදලින් අඩක්ම ආපසු ඉල්ලාගෙන ඇති බව ද දැන ගැනීමට ලැබී තිබේ.
සිද්ධිය පාසලේ ගුරුවරුන්ට දැන ගැනීමට ලැබීමෙන් පසු සියලු පාර්ශ්ව කැඳවා නඩුව විභාග කරද්දී මේ කරුණු අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

නවයේ සිසුන්ට පහරදෙන්න දහයේ අයියකුට රු.150කට කොන්ත්‍රාත්තුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site