(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
සිය මිතුරන්ට අලුත් පෙම පවසා අමාරුවේ වැටෙන්නට ගිය පුද්ගලයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

එම ගම දුෂ්කර වූ අතර ජංගම දුරකථන පහසුකම් නොමැත. තරුණයින් විසින් දුරකථන අංක වෙනුවට තරුණියන්ට ලබා දෙන්නේ ලිපින ලියූ කොළ කැබලිය. ඉහත සඳහන් කළ තරුණයා ද දිනක් බස් රථයක පැමිණෙන අතර අල්ලපු ගමේ නාඳුනන තරුණියකට සිය ලිපිනය ලබාදී ඇත. පසුව ඇයගෙන් ප්‍රතිචාරයක් නොමැති බැවින් සිය කනස්සල්ල මිතුරන්ට පවසා ඇත. එම තරුණයා. එම ගමේ ව්‍යාපාරයක් ද සිදුකර ගෙන යන අතර තරමක් මසුරු අයෙකි. මිතුරන් ඔහුට පාඩමක් ඉගැන්වීමට සිතා නාඳුනන තරුණිය ලියන ලෙස ලිපියක් ලියා ඔහුට තැපැල් කර ඇත.
ඉන් අනතුරුව ඇය හමුවීමට පැමිණෙන ලෙසත් ඇය ඇඳ සිටින ඇඳුම්වල පාට ගැන සඳහන් කර කිහිප වතාවක් අසල ගමට පැමිණෙන ලෙස ලියුම් එවා ඇත්තේ මිතුරන්ය. එම දිනය ව්‍යාපාරයට වැඩි වෙළඳාමක් පවතින දිනයක් වුවත් පාඩුව අමතක කර ඔහු ගොස් ඇත්තේ ආලයෙන් මත් වී සිටි බැවිනි.
සිය මිතුරන් සමග බස් රථයේ හමු වූ සුරූපී තරුණිය දැකීමට ගිය තරුණයාට දැකගත හැකි වූයේ 50 හැවිරිදි කාන්තාවකි. මෙය මිතුරන්ගේ ක්‍රියාවක් බව දැන මිතුරන්ට සාප කරමින් ඔහු ද පැමිණ ඇත්තේ එම නිවසින් වතුර වීදුරුවක්වත් නොබීලු.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බස්රියේදී දුටු තරුණිය හදිසියේ මහලු වෙලා