මධුසමය දිනයේ රාත්‍රීයේ තෑග්ගක් ලෙස ලැබුණු ස්මාර්ට් ජංගම දුරකථනයක් නිසා තරුණ යුවළකට නිදි වර්ජිතව මුළු රැයම ගෙවීමට සිදු වූ පුවතක් පසුගිය දිනෙක වාර්තා විය.
සිද්ධියට අනුව වසර ගණනාවක පෙමින් වෙළුණු මෙම යුවළගේ පෙම පලදරමින් මහනුවර ආසන්නයේ හෝටලයක උත්කර්ෂවත් ලෙස පැවැත් වූ විවාහය මංගල උත්සවයකින් අවසන් විය.

මනාල යුවළ මධුසමය සඳහා සීත කඳුකර පෙදෙසක හෝටලයක් කරා ගියහ.
දවසේ විඩාව උණු දියෙන් නිවාගත් යුවළ දවසේ තොරතුරු පිළිබඳව ආවර්ජනය කරන්ට වූහ. ඔවුන්ට විදේශීය මිතුරකුගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු නවීන පන්නයේ සුහුරු ජංගම දුරකථනය මතක් වන්නට විය.
මංගල දිනයේ වූ සොඳුරු මතකයන් එම නවීන පන්නය් සුහුරු ජංගම දුරකථයේ ගබඩාකර තිබු අතර ඒවා නැරඹීමට ඔවුන් අතර එකඟතාවක් ඇති විය.
ඒ අනුව දුරකථනය ගෙන ක්‍රියාත්මක කළ අතර එහි ආරක්ෂාව වෙනුවෙන් මුර පදය ලෙස යොදා තිබුණේ මනාලිය වූ තරුණියගේ මුහුණයි. කිහිප විටක් දුරකථනයේ ආරක්ෂක අගුල විවෘත කිරීමට තම මුහුණ වෙත ළං කළත් එය සක්‍රීය නොවිණි.
තම උත්සාහය අත නොහැරි මනාලිය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මනාලයාට සිදු වූ දේ තේරුම් ගැනීමට හැකි වූ අතර ඒ අනුව මනාලිය ලෙස හැඩගැන්වීමට රූපලාවන්‍ය ආයතනය වෙත ගොස් වෙස් ගැන් වූ ඡායාරූපයක් ඒ සඳහා යොදා ගැනීම පටලැවිල්ලට හේතු වූ බව ඔහු තම බිරිඳට කීවාය.
තමන් දවස පුරා ලබාගත් ඡායාරූප හා වීඩියෝ බැලීමේ ආශාවෙන් පෙළුණු මනාලිය තම රූපලාවන්‍ය දැනුම යොදා සිය ගමන් මල්ලේ සඟවා තිබූ රූපලාවන්‍ය උපකරණ ගෙන ඒවායෙන් නැවත මනාලිය ෙස් වෙස් ගැන්වීමට වූ අතර මනාලයාට නිහඬව ඒ දෙස බලා සිටින්නට වූයේ මංගල දින රාත්‍රීයේ මනාලියගේ ආශාවට ඉඩ දෙමිනි.
ඒ වන විටත් මධ්‍යම රාත්‍රීය ද පසු වී තිබු අතර දවස් කිහිපයක විඩාවත් දහසක් බලාපොරොත්තු තබා සිටි මනමාල මහතාට තවත් පැය කිහිපයක් බලා සිටින්නට වූ අතර අවසානයේ ජංගම දුරකථනයේ ආරක්ෂක අගුල ඉවත්කිරීමට හැකි විය. එසේ වූවත් මනාලිය හා එක්ව තවත් පැයක් පමණ ඡායාරූප හා වීඩියෝ නැරඹීමට ඔහුට සිදු විය.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
2025 ඔක්තෝබර් මස 08
1776
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1457
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
521
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මඟුල්දා තෑගි ලැබුණු ජංගම දුරකතනය මධු සමය කයි