IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මවාගත් හොඳ හිතෙන් ඔළුවට තොප්පියක්

මහජනතාවට නොමිලේ සේවා සපයන තම ආයතනයට පරිත්‍යාගයක් ලබා ගැනීමට ගොස් අමාරුවේ වැටුණු  නිලධාරියකුට සිදු වූ ඇබැද්දීයකි.


  සිද්ධිය මෙසේය.


එය පළාතේ ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සපයන ආයතනයකි.


ආයතනයේ අත්‍යවශ්‍යම ස්ථාන කීපයක විදුලි පහන් පිළිස්සී තිබෙනු දුටු ආයතනයේ නිලධාරියකු එහි සේවා ලබා ගැනීම සඳහා පැමිණි යමක් කමක් ඇති අයෙකුගෙන්  ර්‍ණහැකිනම් එම ස්ථාන සඳහා විදුලි පහන් කීපයක් මිලදී ගෙන දෙන්නැයි” ඉල්ලීමක් කළේ ආයතනයේ සෙසු පිරිසගෙන් ලකුණක් දෙකක්ද දමා ගැනීමේ අරමුණ සිත තුළ රඳවා ගනිමිනි.


ඕක ලොකු දෙයක් දැයි” ඉල්ලීම එක හිතින්ම භාරගත් සේවාලාභියා ද ඉල්ලීම කළ නිලධාරියාම නම් කළ නගරයේ වෙළෙඳසලකට ගොස් රුපියල් තුන් දහසක් පමණ වටිනා විදුලි බල්බ කීපයක් ගෙනවිත් ආයතනයට පරිත්‍යාග කළේ ආයතනයේ සේවය ගැන වර්ණනාවක් ද කරමිනි.


නිලධාරියා ඇතුළු ආයතනයේ පිරිස් ද ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කොට ඔහුට සමු දුන්නේ කිසියම් අවශ්‍යතාවක් වුවහොත් යළි පැමිණෙන ලෙස ඉල්ලීමක් ද කරමිනි.


පෙර කී ආයතනයේ නිලධාරියා සවස් යාමයේ නගරයේ සුපුරුදු වෙළෙඳසලට ගොඩවූයේ නිවසට ඇවැසි කළමනා කීපයක් මිල දී ගැනීමටය.


අවශ්‍ය කළමනා මිලදී ගැනීමෙන් අනතුරුව බිල සකස් කළ එහි හිමිකරු  ර්‍ණසර් උදේ ගෙනිච්ච බල්බ්වල රුපියල්  3000ග00ත් මේකට එකතු කරන්න දැයි ඇසුවේ කොළ කෑල්ලක ලියා තිබු බිලක් ඔහු වෙත දිගු කරමිනි. 


මොන බිලදැයි නිලධාරියා විමසද්දී  ර්‍ණඇයි මහත්තයා උදේ එක්කෙනෙක් එවල තිබුණේ බල්බ් පහක් ගෙනියන්න කියලා” යැයි වෙළෙදසල් හිමිකරු ඇඟට පතට නොදැනී කියා සිටියේ සුපුරුදු ලෙන්ගතු හිනාවත් ඊට එක්කරමිනි.


සිදුවූවේ කුමක්දැයි තේරුම්ගත් නිලධාරියා  ර්‍ණමුදලාලි දැන්නම් එච්චර සල්ලි නැහැ. ගාන මගේ එකවුන්ට් එකේ ලියල තියන්න’ කියමින් වෙළෙඳසලෙන් පිටව ගියේ  ර්‍ණමුන් තමයි මිනිස්සු” යැයි තමුන්ටම කියා ගනිමිනි. 
වියලුව  වාර්තාකරු

 



අදහස් (0)

මවාගත් හොඳ හිතෙන් ඔළුවට තොප්පියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site