:නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා*
පැළඳ සිටි හෙල්මටය තුළ මාපිලකු සිටීමෙන් නිලධාරියකු මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඔහු රැකියාවක නියුතු අයෙකිග මෙදින ඔහු සුපුරුදු පරිදි තම යතුරුපැදියේ නැගී රාජකාරි සඳහා පැමිණ ඇත. වෙනදාට වඩා තරමක් ප්‍රමාද වී කාර්යාලයට පැමිණි හෙතෙම හෙල්මටයද ගලවා අතේ දාගෙන කඩිමුඩියේ කාර්යාලය දෙසට යමින් සිටින අතර හෙල්මටය තුළින් මාපිලකු එළියට පැමිණ ඇත.
කලබලයට පත්වූ නිලධාරියාගේ කෑගැසිල්ලට කාර්යාලයේ සෙසු නිලධාරීන්ද එතැනට පැමිණ සර්පයා මරාදමා නිලධරියාගෙන් කරුණු විමසා ඇතග සුලු මොහොතකින් නිලධාරියා ක්ලාන්ත වී ඇද වැටී ඇත.
කලබලයට පත් සෙසු නිලධාරීන් සර්පයා දෂ්ඨකර ඇති බව පවසමින් රෝගී වූ නිලධාරියාත් මරණ ලද සර්පයාත් රෝහලට රැගෙන ගොස් ඇතග වෛද්‍යවරුන්ද රෝහලට පැමිණි රෝගියා පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදී ඇත.
සවස් වනතුරු රෝහලේ නැවතී සිටීමට ඔහුට සිදු වූ නමුත් සර්පයකු දෂ්ඨකර නොමැති බව පසුව වෛද්‍යවරුන් අනාවරණය කරගෙන ඇත.
පසුදින කාර්යාලයට පැමිණි ඔහු තමා ඊට පෙර වැස්ස නිසා යතුරුපැදිය හන්දියේ කඩයේ නවතා තබා ත්‍රිරෝද රියෙන් නිවසට ගිය බවද පසුදින පැමිණ යතුරුපැදියේ නැගී කාර්යාලයට ආ බවයි. කෙසේ වෙතත් එදින කාර්යාලයේ සියලු දෙනා සහෝදර නිලධාරයාට වූ අකරතැබ්බය පිළිබඳව සිනා සෙමින් උසුළු විසුළු කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිලධාරියාගේ හෙල්මටයෙන් මාපිලෙක් ඇවිත්...
saman Wednesday, 12 February 2020 07:53 AM
අකරතැබ්බයකට උසුළු විහිළු ?