(තිහගොඩ – උපසේන ලියනගම)
එකම යතුරු පැදිකරුවකුට එකම දවසේ අවස්ථා දෙකකදී, රුපියල් දහසය දහස බැගින්වූ දඩ කොළ දෙකක් ලබා දීමේ පුවතක් වාර්තා වූයේ මාතර කොටවිල ප්‍රදේශයෙනි.
ඔහු කොටවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වසර අටක් පමණ සිය යතුරු පැදියට අවශ්‍ය බලපත්‍ර සියල්ල නිවැරදිව නඩත්තු කළද කවදාවත් ඔහුගේ යතුරු පැදිය කිසිවකුගේ පරීක්ෂාවට ලක්වූයේ නැත.
පසුගියදා යහළුවකුගේ මඟුල් ගෙදර යාමට සූදානම්වූ ඔහු මෙකී බලපත්‍ර පරීක්ෂා කිරීමේදී රක්ෂණ සහතිකය එක් දිනක් කල් ඉක්මවා ඇති බව දැනගත්තත් කවදාවත් එය පරීක්ෂාවට ලක් නොවූ නිසා සැකයක් නැතිව ගමන ගියද හරියටම එදා පොලිස් පරීක්ෂාවට ලක්වී රුපියල් දහසය දහසක දඩ කොළයක් ලැබිණ. රියැදුරු බල පත්‍රයද පොලීසිය ලබා ගත්තේය.
මඟුල් ගෙදර ගිය ඔහුට යහළුවන් බීමට ආරාධනා කළත් ඊට සහභාගි නොවුවද ඔවුන්ගේ පෙරැත්තය නිසා බීර වීදුරුවක් බීවේය.
එන අතර මගදී වෙනත් පොලිස් කණ්ඩායමකට ඔහු හසුවූ අතර තමා උදේ දඩ කොළ ලැබූ බව කීවත් මෙවර දඩ කොළය ලියුවේ බීමත්ව රිය පැදවීම හේතුකොට ගෙනය. එම දඩ මුදලද රුපියල් දහසය දහසක්ලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යාළුවන්ගේ පෙරැත්තයට බීලා දඩ කොළය දෙක වෙලා