මනාලිය මොඩ් කරලා අම්බානක බැණුම් අහලා යෝජිත මනාලියක ළාබාල තරුණියක කළ ජායාරූප ශාලා හිමියකුට යෝජිත මනාලයා දැඩි ලෙස චෝදනා කිරීමේ අපුරු පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ සබරගමුව පළාතේ උප නගරයකිනි. 21 May 2020
කොල්ලකුගේ ලණුවක් කා වෙදැදුරා දවස් 14ක්ම කාමරයේ හිරවෙලා ගමක තරුණයකු තමන් සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙසින් හඳුන්වා දී දේශීය වෛද්‍යවරයකු දින 14 ක් නිරෝධායනයට ලක් කළ පුවතක් රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් දැනගන්නට ලැබිණි. 20 May 2020
කොරෝනාවෙන් බේරෙන්න පාන් ගෙඩියත් හෝදලා ගාලු දිස්ත්‍රික්කයේ උප නගරයක් ආසන්නයේ පදිංචි වී සිටි විශ්‍රාමික ගුරු යුවලකි. අගනුවර වෛද්‍ය අංශයේ සේවය කළ දරුවන් දෙදෙනා තම මව් පියන්ට උදව් පිණිස ඥාතිත්වයක් ඇති ගමේ පරිසරයක මෙහෙකාර දැරියක එහි නතර කළ අතර පසුගිය දා පැතිරී ගිය කොරෝනා උවදුර නිසා දැරියට සෞඛ්‍ය උපදෙස් රැසක් දී දෙමාපියන් දැනුම්වත් කළහ. 19 May 2020
හොරකමේ ගිහින් අන්තිමේ ගෑනු හුටපටේකටත් අහුවෙලා සෞඛ්‍යා රක්ෂක ක්‍රම අනුගමනය කරමින් සොරකමේ ගිය සොරකු පොලිසියට කොටුවී වෙනත් චෝදනාවකට පොලිසියේ ලැගීමට වූ පුවතක් කුරුණෑගල දිසාවෙන් වාර්තා වේ. 18 May 2020
නෝනාගේ මල්ලේ කරෝලයාට මුදලාලිගෙන් කෝටුපාර මාවතගම වෙළෙඳ සැලකින් බඩු මිලදී ගන්නට පැමිණි කාන්තාවකගේ බඩු මල්ලට බලෙන් රිංගා සිටි බල කරෝලයාට මුදලාලි කෝටුපාරක් දී ආපසු කඩේටම කැඳවාගෙන ඒමේ සත්‍ය සිදුවීමක් මාවතගමින් වාර්තාවෙයි. 16 May 2020
මිතුරියන්ගේ කබල් වැඩෙන් ජනේලයට පොලු පාරක් පොත පත පාඩම් කරන මුවාවෙන් අශෝභන වීඩියෝ නරඹමින් සිටි යෙහෙළියන් දෙදෙනෙකු මවුපියන් ගේ අතටම හසුවීමෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ. 16 May 2020
උපාසක අම්මාගේ අයිඩින්ටියෙන් පූස්පැටවුන්ගේ වත ගොත හෙළිවෙලා පන්සල් වත්තට ගෙනැවිත් දමා තිබූ පූස් පැටවුන්ගේ අනන්‍යතාව උපාසක අම්මාගේ හැඳුනුම්පතකින් අනාවරණය කර ගැනීමට හැකි වීමේ පුවතක් ගල්ගමුව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබිණි. 16 May 2020
උපන් හැටියේ දරුවාට ලෝබ හිතී හදාගන්න දෙන්න බෑ කියලා විවාහ වී වසර ගණනක් ගත වුවද තමන්ට දරුවන් නොමැතිවීම නිසා දරුවෙකු සොයමින් සිටි යුවළකට ගැබිනි මවක් තම දරුවා ප්රසූතකර ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් 28,000 ක මුදලක් ලබාගෙන දරුවා ලැබුණු පසු දරුවා නොදුන් පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ. 16 May 2020
අමතක වූ පසුම්බිය ගෙදරටම ගෙනැවිත් දුන් ත්‍රිරෝද රථ රියැදුරෙක් වියපත් රජයේ විශ්‍රාමික නිලධාරියකු වන මම පසුගිය සති අන්තයේ දෛනික කටයුතු සඳහා නගරයට ගියෙමි. ආපසු නිවසට පැමිණි විට මාගේ මුදල් පසුම්බිය අස්ථානගතවී ඇති බැව් දුටුවෙමි. මාගේ ලියකියවිලි කාඩ්පත් ජාතික හැඳුනුම්පත මුදල් ජංගම දුර කථනය ආදිය එහි විය. මට කළ හැකි එකම දේ වූයේ එම පසුම්බියේ තිබූ මාගේ ජංගම දුරකථනයට ඇමතුම් කීපයක් දීම පමණි. එය නාද වුවත් ප්‍රතිචාරයක් නොවුයෙන් මම තව තවත් නොසන්සුන්තාවට පත්වීමි. 16 May 2020
සුපිරි මාරකැට්ටුවට ගිය ඉස්කෝලෙ හාමිනේගේ මුං ඇට අලකලංචිය විශ්‍රාමික ගුරු මහත්මියක් සිය විශ්‍රාම වැටුප ලබා ගන්නට නගරයට පැමිණි ගමන්ම නිවෙසට අවශ්‍ය භාණ්ඩ ලබා ගන්නට ද නගරයේ සුපිරි වෙළෙඳ සැලකට ගොඩ වූවාය. 16 May 2020
ලොක්කට වැරදිලා - සේවිකාව මැළවිලා ආයතන ප්‍රධානියකු සේවා ස්ථානය වෙත පැමිණ තමා පැළඳගෙන සිටි මුඛ ආවරණය ආයතනයේ තබා සේවිකාවකගේ මුඛ ආවරණයක් දමාගෙන ආයතනයෙන් නික්ම යාමේ පුවතක් රජරට පුරවරයෙන් අසන්නට ලැබුණි. 15 May 2020
ගෑස් ටැංකියට අරක්කු ගහන්න ගිහින් මත් වතුරට ඇබ්බැහි වී සිටි ඔහු ගම්පහ නගරාසන්නයේ ජීවත් වූ සිව් දරු පියෙකි. 14 May 2020
ආණ්ඩුවේ පන්දාහම බූරුපොළට පුදලා රුපියල් පන්දහස ලබාගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියකු අතුරු පාරක් දිගේ කෙළින්ම ගියේ කැටපොළක් වෙතය. 13 May 2020
පරණ සෙරෙප්පුවට මඟුල කැඩිලා විවාහ යෝජනාවක් ස්ථිර කර ගැනීම සඳහා මනමාලයාගේ ඥාතීන් මනමාලියගේ නිවෙසට එන අවස්ථාවේ නිවෙසේ ප්‍රධාන දොරකඩ අසල තිබූ පැරැණි සෙරෙප්පු ජෝඩුවක් නිසා එම විවාහය කැඩී යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. 12 May 2020
දැක්ක ගමන් හිත ගිහින් අන්තිමේ නාගෙනම ඇවිදින් සුරූපී තරුණියක යැයි සිතා කාන්තාවක පසුපස ගොස් ආදරය ඉල්ලා සිටි තරුණයකු එම කාන්තාව සිය මුහුණ ආවරණය කරගෙන සිටි මුව ආවරණය ඉවත් කිරීමත් සමගම පැන දිවූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 11 May 2020
කුණු ගොෙඩ් බීර පුපුරද්දී පපුව හෝස්ගාලා පිච්චිලා බීර බෝතල් 10ක් මිලට ගෙන බිරිඳට හොරෙන් ගෙවත්තේ රොඩු ගොඩක සඟවා ටික ටික පානය කරන්නට හැදු බේබදු සැමියකුට අමතක නොවන පාඩමක් ඉගැන්වූ බිරිඳක් පිළිබඳව කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. 09 May 2020
පාරේ වැටුණ ඌරා ඇඳිරිය එක්කම කුස්සියට ගිහින් මෝටර් රියක ගැටී තුවාල වූ වල් ඌරකු කාකි ඇඳි පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව මරු දැකීමෙන් පසු ත්‍රීරෝද රියක පටවාගෙන ගිය පුවතක් වයඹ පළාතේ ගසක් හා ගැටයක් සහිත ගම්මානයකින් ඇඳිරි නීතිය මැද්දේ පසුගියදා වාර්තා විය. 08 May 2020
පොලිසියෙන් බේරෙන්න පෝර මිටිය කර තබාෙගන කසිප්පු පොළට ගිහින් ඇඳිරි නීතිය පැවැති වෙලාවේ ගමේ කසිප්පු තිප්පොළට යෑම සඳහා යෙදූ අපූරු උප්පරවැට්ටියකි. 07 May 2020
මූණ කැත වුණාම සොහොනට ගිහින් හූනියමකුත් කපලා ”ක්‍රීම් වර්ගයක්” ගා හැඩ වුණ තම මුහුණ ගමේ ගැහැනුන් කළ හූනියම් නිසා අවලස්සන වූ බව පවසමින් සොහොනකට ගොස් හූනියම් කැපූ පනස් පස් හැවිරිදි කාන්තාවක පිළිබඳව කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා විය. 06 May 2020
සැලුන් අයියාගෙන් කොරෝනා කට්එක නගරයේ කුඩා සැලුන් එකක් පවත්වාගෙන ගිය කරණවෑමියකු රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් සැලුන් එක වසා දමා නිවෙසට වී කල්පනා කරමින් සිටියේ මත්පැන් බීමට මුදල් උපයන ක්‍රමයක් ගැන කල්පනා කරමිනි. 05 May 2020
බසයේ දුරින් වාඩිවෙන්න කීවාම අඹු-සැමි යුවළ මානව අයිතියට සටන් වැදිලා පවතින තත්ත්වය හමුවේ පුද්ගල දුරස්ථභාවය තබාගෙන බස් රථවල ගමන් ගන්නා ලෙසට උපදෙස් දී තිබෙන අවස්ථාවේ බස් රථයකට ගොඩ වූ අඹුසැමි යුවළක් එකම අසුනක වාඩි වී යාමේ අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ පුවතක් කුරුණෑගල බස් රථ ගාලෙන් අපට අසන්නට ලැබුණි. 04 May 2020
ඇඳිරිය අස්සේ ගොවි වෙසින් ආ ටියුෂන් ගුරු ‘හොරෙක්’ වෙලා ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී ගොවියකු ලෙස වෙස් වලාගෙන අයියාට පන්ති පැවැත්වීමට පැමිණි ගුරුවරයාට බියවී මල්ලි කෑගැසීම නිසා වට වූ අසල්වාසීන් ඉදිරියේ අසරණ වූ ගුරුවරයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ එක්තරා ග්‍රාමයකින් වාර්තා විය. 02 May 2020
ජනතාවට බෙදා දෙන්න දේශපාලකයා දුන් එළවළු මලු ගෝලයා පොළේ තියාගෙන විකුණලා කොරෝනා අවදානම හේතුවෙන් අසරණව සිටින තම බලප්‍රදේශයේ ජනතාව අතර බෙදාදීම සඳහා මහජන නියෝජිතයකු ලබාදුන් එළවළු තොගයක් නගරයේ සති පොළක තබා අලෙවි කර සවස් යාමයේ දී ඉතිරි වූ කොටස තම අසල්වැසියන් අතර බෙදා දුන් දේශපාලන ආධාරකරුවකු පිළිබඳ පුවතක් ‘ලංකාදීප’යට වාර්තා වේ. 01 May 2020
ඇඳිරි නීති බලපත යතුරු පැදියේ බැඳගෙන යන්න උපදෙස් දීලා යතුරුපැදියකින් කසිප්පු තොගයක් රැගෙන බෙදාහැරීම සඳහා යමින් සිටි පුද්ගලයකු මුරපොළකදී නවතා, ඇඳිරි නීති බලපත්‍රය වැටෙයි බැඳගෙන යන්නැයි උපදෙස්දීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ ආරක්ෂක මුරපොළක සිදුවූ බව අසන්නට ලැබිණි. 30 April 2020
අලුත උපන් මිනිපිරිය බලන්න උදැල්ලකුත් අරන් සැතැපුම් 5 ක් පයින් ගිහින් අලුත් උපන් සිට මිනිබිරිය දැකබලා ගැනීම සඳහා ඇඳිරි නීතිය වේලාවේ උදැල්ලක් කර තබාගෙන සැතපුම් පහක් පමණ පා ගමනින්ම ගිය සමාද්ධිලාභියකු පිළිබඳ වාර්තාවෙයි. 29 April 2020
දුවගේ නමින් බෑනා පිට්ටු කන්න ගිහින් නැන්දම්මාගෙන් මට්ටු වෙලා ගැබිනි දියණියගේ ආසාව බව අඟවමින් දින ගණනාවක් තිස්සේ නැන්දම්මා ලවා බෑනාගේ දොළදුක සංසිඳවාගෙන යද්දී පිට්ටු කන්න ගොස් මට්ටු වෙන්නට සිදුවූ පුවතක් පසුගියදා පිටිසර බද ගම්මානයකින් වාර්තා විය. 28 April 2020
කොරෝනාවේ පන්දාහෙන් අරක්කු බිව්වාට බිරියගෙන් ජීවිතේටම අමතක නොවන පාඩමක් කොරෝනා ආධාර රුපියල් පන්දහස සුරාසලට පූජා කළ බේබදු සැමියාට අපූරු පාඩමක් ඉගැන් වූ භාර්යාවක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 27 April 2020
සල්ලිකාරයන් පන්දාහට පොරකද්දී නැති බැරි මිනිහා දීමනාව ආපහු දීලා ව්‍යාපාරිකයන් පිරිසක් රුපියල් පන්දාහේ දීමනාව ගැනීමට පොර කද්දී කිසිවකුගේ හව්හරණක් නැතිව තනිව ජීවත්වන පුද්ගලයකු රජයෙන් ලබා දෙන රුපියල් 5000 හේ දීමනාව එපා කියයි. 25 April 2020
අන්තර් ජාලයේ කසිප්පු හදාගෙන බීලා අන්තිමේ සිහියත් නැතිවෙලා කොරෝනා වසංගතය ව්‍යාප්තවීමත් සමගම රට පුරා සුරා සල් වසා දැමීම නිසා මත්පැන් නොමැතිකම හේතුවෙන් අන්තර් ජාලයෙන් දැක සිය නිවෙසේ සාදාගත් මත්පැන් පානය කොට අනූනවයෙන් ජීවිතය බේරාගත් පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් දකුණින් වාර්තා වේ. 24 April 2020
රෑ කෑමට පාන් ගන්න රුපියල් 500 ක් ගිහින් රෑ කෑමට පාන් ගෙඩි දෙකක් කිලෝමීටරයක් දුරින් පිහිටි බේකරියකින් ගෙන්වා ගැනීමට රුපියල් පන්සියයක් වියදම් කරන්නට සිදුවූ පුවතක් පසුගියදා නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. 23 April 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026