IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මිතුරියන්ගේ කබල් වැඩෙන් ජනේලයට පොලු පාරක්

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
පොත පත පාඩම් කරන මුවාවෙන් අශෝභන වීඩියෝ නරඹමින් සිටි යෙහෙළියන් දෙදෙනෙකු මවුපියන් ගේ අතටම හසුවීමෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


පාසල් මිතුරියන් දෙදෙනෙකි. ඔවුහු එකම ගමේ වෙසෙති. එක් මිතුරියක් අනෙක් මිතුරියගේ නිවසට නිරන්තර යෑමට ඒමට වුයේ පොතපත පාඩම් කිරීම සඳහා බව කියා ගෙනය.


තම තරුණ දියණිය මිතුරියගේ නිවසට ගොස් අඳුර වැටීගෙන එන විට පොත පතද රැගෙන නිවසට පැමිණෙන විට ඇගේ හැසිරීම සහ මුහුණේ ඇති වෙනස පිළිබඳව දැරියගේ පියාට මහත් සැකයක් ඇති විය. මිතුරියගේ නිවසේ පිරිමි දරුවන්ද නොමැති නිසා මෙතෙක් සැකයක් නොවුනද මේ ගැන සොයා බැලිය යුතු බව පියා කල්පනා කළේය.


මෙදිනද තම දියණිය අඳුරු වැටී තිබුණද නිවසට නොපැමිණි අතර මෙය අවස්ථාවක් කරගත් පියා මිතුරියගේ නිවසට ගොස් ඇත. කිසිවකුට නොඇසෙන සේ මිතුරියන් සිටින කාමරයේ ජනේලයෙන් කාමරය පිරික්සූ පියාට දවල් තරු පෙනී ඇත.


මිතුරියන් දෙදෙනා පරිගණකයක් මගින් අශෝබන වීඩියෝ දර්ශන නරඹමින් සිටිනු දැක කෝපාවිශිෂ්ඨ වූ පියා පොල්ලක් ගෙන ජනේලයට පහර දී ඇත. කැඩුණු වීදුරු අතරින් පියා දුටු මිතුරියෝ මහත් කලබලයට පත්වූහ. ඇසුණ ශබ්දය කුමක්දැයි බැලීමට නිවසේ පියාද කාමරයේ දොර ළඟට පැමිණියේය.


කලබලයට පත් මිතුරියෝ දෙදෙනා දොර ළඟ සිටි පියාද පෙරළාගෙන අසල වූ කැලයට දිව ගියහ. කැලයේ තිබූ බොරලු කැපු වළකට අඬ අඳුරේම මිතුරියන් දෙදෙනා ඇද වැටීමෙන් දෙදෙනාගේම පාද බිඳී රෝහල් ගත කිරීමට සිදුව ඇත.


දොර ළඟ ඇද වැටුණ නිවැසි පියාගේද පාදයක් බිඳි යාමෙන් ප්‍රතිකාර කිරීමට සිදුවී ඇත.

 



අදහස් (1)

මිතුරියන්ගේ කබල් වැඩෙන් ජනේලයට පොලු පාරක්

himal Monday, 18 May 2020 03:46 AM

අනුන්ගේ ගෙවල්වල ජනෙල් කඩන්න නෙවෙයි, තමන්ගේ දරුවන්ට හරි වැ‍රැද්ද වෙලාවට කියලා දීලා තිබ්බා නම් හරිනේ. මේකට කලබල වෙලා ජීවිතයට අනතුරක් කර ගත්තා නම් මොකක්ද වෙන්නේ..? නව යොවුන් වියේ තියෙන්නේ කුතුහලය. මේක සංසිඳවාගන්න විධිමත් අධ්‍යාපනයෙන්වත් නිවසින්වත් හරි මඟපෙන්වීම නොලැබුණාම මෙවැනි අනියම් දේවලට ළමයි නිරායාසයෙන්ම අහුවෙනවා.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site