(වලව කේ.පී සුමනදාස)
ව්‍යාපාරිකයන් පිරිසක් රුපියල් පන්දාහේ දීමනාව ගැනීමට පොර කද්දී කිසිවකුගේ හව්හරණක් නැතිව තනිව ජීවත්වන පුද්ගලයකු රජයෙන් ලබා දෙන රුපියල් 5000 හේ දීමනාව එපා කියයි.

පෙරේදා (23) සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබුරුගල ග්‍රාමනිලධාරී වසමේ කිරිඉබ්බන්වැව ගම්මානයේ පිහිටි ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ සුදුස්සන්ට රුපියල් 5000හේ දීමනාව ලබා දීමට අදාළ නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය.
මේ අතරතුර එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් පිරිසක් තමන්ටද රුපියල් 5000 හේ දීමනාව ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට බල කළහ. එහිදී නිලධාරීන් ව්‍යාපාරිකයන්ට 5000 හේ දීමනාව ලබා ගැනීමට සුදුසුකම් නොමැති බව කියා සිටියත් ඔවුහු එය පිළි නොගත්හ. ඔවුන් එසේ ආසාධාරණ ඉල්ලීම් කරද්දී ගම්මානයේ පදිංචි කිසිවකුගේ පිහිටක් නොමැතිව තනිව ජීවත් වන වියපත් අයෙක් තමන්ට ලබා දෙනු ලබන රුපියල් 5000 හේ දීමනාව අවශ්‍ය නොමැති බවත් එය රජයට ආපසු බාර දෙන බවත් පවසා රුපියල් 5000 ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. එවිට පන්දාහට පොරකන ව්‍යාපාරිකයෝ හීන් සැරේ එතැනින් මාරු වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මිනිස්සු, ඔහොම තමයි ඉන්න ඕන. තමන්ගේ ශක්තියෙන් ඉන්න ඕන. ආණ්ඩුවේ ගැත්තෙක් වහලෙක් නොවී ඉන්න ඕන. තමන්ගේ වැඩේ තමන් බලාගන්න ඕන. එතකොට ආණ්ඩුවට ඕන ඕන හැටියට නටන්න බැහැ.
අපේ අයියලා ඔහොම තමයි සල්ලි වැඩිවෙන්න වැඩිවෙන්න කෑදරකමත් වැඩිවෙනවා...
කොස්ගම පැත්තේ යානවාහන හිමි කාන්තාවකුත් ලැජ්ජා නැතිව ගොස් රු. 5000 ලබාගෙනගලු. දුප්පත් අසරණ කන්න නැති කෙනෙකුට ලැබෙන්න ඕන සල්ලි නේද මම මේ ගන්නේ කියලා ඒ වගේ අයට හිතෙන්නේ නැත්තේ ඇයි? මේ අය හිතන්නේ හැමෝටම දෙනවනම් අපිටත් අයිතියි. අපිට අයිති සල්ලි අරන් අපි ඕන දෙයක් කරනවා යන මතයයි. හිතක් පපුවක් නැති සංවේදි නැති මිනිසුන් නිසා තමයි රට අද මේ තත්වෙට පත්වුනේ. තමන් ගැන විතරමයි හිතන්නේ.